පිරි­සුදු අත්

2019-01-05 11:56:00       614
feature-top
ළමා­දි­නය උදා විය.

එළි­ම­හනේ පන්ති ළමා රංග­නය අව­සන් කළ මගේ පන්තියේ දරු පිරිස පන්ති­යට පැමි­ණි­යහ.

මම ඔවු­නට වෙහෙස නිමා ගන්නට ඉඩ හළෙමි.

පාසලේ සිසු නායි­කාවෝ දෙදෙ­නෙක් ලොකු කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් ඔසවා ගෙනැ­විත් පන්තිය ඉදි­රියේ තැබූහ.

ළමා දිනය වෙනු­වෙන් දරු­ව­නට කැරෙන සංග්‍ර­හය සූදා­නම් ය.

මම කට­හඬ අවදි කළෙමි.

‘හරි ලස්ස­න­යිනෙ ඔය ගොල්ලන්ගේ නැටුම.’

ඔවුන්ගේ මුහු­ණෙහි මල් පිපෙනු මට පෙනිණි.

‘තාම මහ­න්සිද?’

‘නෑ ටීචර්’

එහෙනං අර එළියෙ ටැප් එකෙන් අත්දෙක හොඳට හෝද­ගෙන එන්ඩකෝ!’

සම­හරු එසේ කළ හ. සම­හරු පන්තියේ ම සිටි­යහ.

‘දැන් අත්හෝ­ද­ගෙන ආව නේද? එහෙ­නම් කෑම ටික බෙදා­ග­නි­මුද?’

‘අපි නම් අත් හේදුවා ටීචර්. ඒත් දෙවෙනි පේළියෙ අය...’ පන්ති­යෙන් හඬක් නැගිණි.

‘තාම අත්හේ­දුවේ නැති අය ඉන්න­වාද? දැන් ටැප් එක ළඟ කවු­රුත් නෑනෙ. ගිහින් ඉක්ම­නට හෝද­ගෙන එන්ඩ!’ මම කීමි.

කිසි­වකු පිට­තට නොගිය බැවින් මම යළිත් කතා කළෙමි.

‘අත් හෝද­ගෙන ආවෙ නැති අය ඉන්නව නම් නැගි­ටින්ඩ!’

දෙවැනි පේළියේ ළමයි හතර දෙනෙක් නැගිට බිම බලා ගත්හ.

‘ඔය හතර දෙනා ම එන්ඩකො මගේ මේසෙ ළඟට!’

ඔවුහු ආහ.

‘ඇයි පුතාල අත් හෝදන්ඩ ගියේ නැත්තෙ? ඉස්ස­ර­වෙල ඉඩ තිබුණෙ නැති නිසාද? පස්සෙ ඉඩ තිබු­ණානෙ. ඒත් මොකද ගිහිං හෝද ගත්තෙ නැත්තෙ?’

‘අපි ගෙද­රින් අත් හෝද­ගෙන ආවේ ටීචර්’ එක දරු­වෙක් කීවේ ය.

‘එහෙ­නම් ඔයා­ලත් මෙයා වගේ ගෙද­රදි අත් හෝද­ගෙ­නද ආවේ?’ මම සෙසු තිදෙනා දෙස බැලු­වෙමි. තිදෙනා ම ‘ඔව්’ කිය­න්නට හිස වැනූහ.

‘කලින් අත් හෝද­ගෙන ආව කිලා ඔයාලා කිව්වනේ. උදේ නේද අපි ගෙද­රින් ආවේ? උදේ ඉඳලා මේ වෙන­කොට කොච්චර දේවල් කළාද? දූවිලි, විස­බීජ ජාති ගොඩක් අත්ව­ලට එක­තු­වෙලා ඇති. ඒ නිසා අපි හැම­දාම කෑමට ඉස්සර වෙලා අපේ අත් හොඳට හෝද­ගන්ඩ ඕනෑ. අත් හෝද‍න්නෙ නැතුව කෑම කන අයට නිතර ම බඩේ අමාරු හැදෙ­නවා.’

‘ටීචර් මටත් හැම වේලේ ම බඩේ අමාරු හැදෙ­නවා. මං අත් හෝද­ගෙන එන්ඩද?’ හතර දෙනා අත­රින් එක් දරු­වෙක් ඇසුවේ ය.

‘ඔයා විත­රක් නෙමෙයි, මේ පුතාල තුන්දෙ­නාත් ගිහින් අත් හෝද­ගෙන එන්ඩ! එත­කොට මේ අක්කලා දෙන්නා ඔයා­ලට කෑම බෙදලා දෙයි. කෑම කන්ඩ කලින් අත් හෝද­ගන්ඩ ඕනැ බව ඔයාල හැමෝම හොඳට මතක තියා ගන්ඩ!’

දරුවෝ සිවු දෙනා දුව­ගොස් අත් සෝද­ගෙන ආහ.

සිසු නායි­කාවෝ පුංචි පිරි­සට කෑම බෙදා දී යන්නට සූදා­නම් වූහ.

‘අක්කේ ඔයා­ලට බොහොම ස්තුතියි!’ පන්ති නායි­කාව නැඟිට කීවා ය.

කවු­රුත් නිහ­ඬව අහර බුදි­න්නට පටන් ගත්හ.

කුඩා සිසු­වි­යක් මා ළඟට පැමිණ එක්තරා දරු­වකු පෙන්වා මට රහ­සක් කීවා ය.

‘ටීචර්, අරය හැම­දාම උදේට දත් මදින්නෙ නෑ’

‘ඔයා කොහො­මද දන්නෙ?’

‘ඒගොල්ල ඉන්නෙ අපේ ගෙවල් ළඟනෙ. දත් මදින්ඩ කියලා එයා­ලගේ අම්මා එයාට කෑග­හ­නවා අපිට ඇහෙ­නවා.’

මම ඒ දරුවා දෙස බැලීමි. ඒ තමාට නිතර බඩේ අමාරු හැදෙන බව කී මාලක ය.

මම පන්තිය වෙත අව­ධා­නය යොමු කළෙමි.

‘හැම­දාම උදේට මූණ හෝදන්ඩ ඉස්ස­ර­දත් මදින්ඩ ඕනැ නේද?’

‘ඔව් ටීචර් මම නම් හැම­දාම උදේට දත් මැදල තමයි මූණ හෝදන්නෙ’ මට රහස කී දැරිය කීවා ය.

‘හොඳයි, දැන් ඔයත් ගිහින් කෑම කන්ඩ!’ ඇය සතු­ටින් සිය අසුන වෙත ගියා ය.

පාසල නිම වන වේලාව ළං වෙමින් පැව­තියේ ය.

ළමයි අහර භුක්ති විඳ අව­සන් කළ හ.

‘ඔය­ගො­ල්ලන්ට කෑම දාලා දුන්නු බෑග් එක තාම ළඟ ති‍යන­වද?’ මම ඇසීමි.

‘නෑ ටීචර් අපි ඒක කුණු­දාන පෙට්ටි­යට දැම්ම’ ළමයි පිළි­තුරු දුන්හ.

‘හොඳයි දැන් මට කියන්ඩ, අද අපි මතක තියා­ගත්තු හොඳ පණි­වි­ඩය මොකක්ද කියල මතක ද?’

‘ඔව් ටීචර් අත හෝදන එක’ ඒ පිළි­තුර සම්පූර්ණ නෑ. දැන් මම බෝඩ් එකේ ලිව්වට පස්සෙ ඒක බලල ඔයා­ලගේ පොතේ නිවැ­ර­දිව ලියා ගන්ඩ!’

‘කෑමට පෙර අත් සෝදා ගැනී­මට මතක තබා ගනිමු’. මම ඒ පණි­වි­ඩය පැහැ­දි­ලිව ලොකු­වට ලිවීමි.

‘ටීචර් අපි අනෙක් හොඳ පණි­වි­ඩ­යත් ලියා ගන්ඩද?’

‘හොඳයි ලස්ස­නට ලියා ගන්ඩ!’

පණි­විඩ දෙක ම තම පොත්වල ලියා­ගත් ළමයි හරි­යක් ලබා ගැනී­මට පෝලිමේ මා වෙත එන්නට වූහ.

මම ඒවා කියවා නිවැ­රදි කර හරි ලකුණු යෙදීමි. කලින් හරි ලකුණ ලබා ගත්තෝ ඒවායේ දිග සසඳා බල­න්නට වූහ.

පාසල අව­සන් කැරෙන සීනුව නාද විය.

‘ඉතිරි වුණු පොතේ ඊළඟ දවසෙ බලමු පුතේ’ කී මම අසු­නින් නැගි­ට්ටෙමි.

‘අද පන්තියෙ හැම දෙනා ම හරිම හොඳයි. හැමෝම ලස්ස­නට නැටුවා. ඊළ­ඟට අපිට ලෙඩ නැතුව ඉන්න හොඳ පණි­විඩ දෙක­කුත් ලියා ගත්ත. එහෙම නේද?’

‘ඔව් ටීචර්’

‘ඉතිං ඒ පණි­විඩ අපි හැම­දාම මතක තියා­ගන්ඩ ඕනැ නේද?’

‘ඔව් ටීචර්, මං දත් මදින බබෙක් අඳි­නවා.’

‘හොඳයි අඳින්ඩ! අපේ පන්තියෙ ලස්ස­නට චිත්‍ර අඳින අයත් ඉන්න­වනෙ.’

‘මාත් අඳි­නවා... මාත් අඳි­නවා...’ ළමයි එක දිගට කිය­න්නට ගත්හ.

‘හොඳයි දැන් අපි ගාථා කියමු!’

පාසල නිමා විය. දරුවෝ පිටව ගියහ. මම ද පන්ති­යෙන් පිට­තට ආවෙමි.

මගේ හිත සතු­ටින් පිරී තිබිණ. දරු­ව­නට වැද­ගත් දින­යක් වූ ළමා දිනයේ ඔවු­නට වටිනා යමක් කියා දීම ගැන ඇති වූ සතුට ය.

ඒ සතුට තවත් වැඩි වූයේ අදාළ වාරය අව­සන් වූ දවසේ ය.

නිතර නිතර බඩේ අමාරු හැදුණ මාලක සිනා­සී­ගෙන මා ළඟට ආවේ ය.

‘ටීචර් නිවාඩු දෙන අද වෙනකං මට බඩේ අමාරු හැදුණෙ නෑ. දැන් මම හැම­දාම දත් මදි­නවා.’

‘අන්න එහෙම තමයි ඉන්ඩ ඕනැ’ මම ඔහුගේ හිස පිරි­මැ­ද්දෙමි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »