අඹ කෑම

2018-11-27 09:43:00       674
feature-top
‘දව­ස­කට තුන් හතර පාරක් ළම­යින්ට දඬු­වම් කරන්ඩ පුළු­වන්ද? අනිත් එක කවුද ඔය කුණු­ගොඩ හැදෙන්ට ඇරියෙ? දැන්වත් තේරෙන්නෙ නැද්ද ගෙව­ල්ව­ලින් ගෙනත් ඔතන කුණු ගොඩගහන එක වැර­දියි කියල?

කරන්ඩ තියෙන්නෙ එක දෙයයි. ඔය­ගොල්ලො ගමට ගිහිං ගම්මුන්ට පැහැ­දිලි කරල දෙන්ඩ ඉස්කෝ­ල­යක් කිට්ටුව කුණු ගොඩ­ග­හන එක වැර­දියි කියල. ඒ අතරෙ

ගුරු මණ්ඩලේ අපිත් සාකච්ඡා කරල ළම­යින්ගෙ

ගමන නවත්ත ගන්ඩ විදි­යක් හද­න්නම්. දැන් හැ‍මෝම ආපහු යන්ඩ. උදේ රැස්වීම පටන් ගන්ඩ වෙලාව ඇවිත්!

ගමේ පාස­ලකි.

පේන­තෙ­ක් මා­නයේ කුණු ගොඩකි.

ඒ ළඟ ම අඹ ගසකි.

උදෑ­සන පාසල ඇර­ඹී­මට ඔන්න - මෙන්න කියා තිබිය දී ගැමි කතක් ඔස­රි­පොට තද කර­ග­නි­මින් කඩි­මු­ඩියේ එනු දුටු විදු­හ­ල්පති සිය කුටි­යෙන් පිට­තට ආවේ ය. ඒ වන විටත් තවත් මවුපියෝ කිහිප දෙනෙක් ද පැමිණ සිටි­යහ.

‘‍මොකද මේ පිරිස?’ විදු­හ­ල්පති විම­සුවේ ය.

‘අනේ ලොකු ඉස්කෝලෙ මහ­ත්තයො, අපේ පුතාට ‍හොඳට ම උණ! ඒ හින්ද ඉස්කෝලෙ එන්ඩ විදි­හක් නෑ. ඔය කුණු­ගොඩ ළඟට යන හින්දයි ඒ දරු­වට උණ ගැනුණෙ. මගෙ අනිත් ළම­යි‍ ­දෙ­න්නත් කුණු­ගොඩ ළඟට යන­වලු. එතන තියෙන ගහෙන් අඹ කඩා­ගෙන කන­වලු. අනේ මහ­ත්තයො දඬු­ව­මක් දීල හරි ළමයි ඔතෙන්ට යන එකෙන් වළක්වාගන්ඩකො’

විදු­හ­ල්පති සෙස්සන් දෙස ද බැලුවේ ය.

‘ඔය ගොල්ල­න්ටත් කියන්ඩ තියෙන්නෙ ඒ ගැන ද?’

‘ඔව්’

‘මේ කවු­රුත් මතක තියා ගත්තොත් හොඳයි. මම­වත්, ගුරු මණ්ඩලේ කිසි ම කෙනෙ­ක්වත් මේ ළම­යින්ව කුණු ගොඩ ගාවට යැව්වෙත් නෑ. යව­න්නෙත් නෑ.’

‘අපි දන්නව මහ­ත්තයො. ඒත් අපේ දරුවො ලෙඩ රෝග­ව­ලින් බේර ගන්ඩ මෙහෙම පැමි­ණිලි කර­නව ඇරෙන්ඩ අපි වෙන මොන­වද කරන්නෙ?’

‘දව­ස­කට තුන් හතර පාරක් ළම­යින්ට දඬු­වම් කරන්ඩ පුළු­වන්ද? අනිත් එක කවුද ඔය කුණු­ගොඩ හැදෙන්ට ඇරියෙ? දැන්වත් තේරෙන්නෙ නැද්ද ගෙව­ල්ව­ලින් ගෙනත් ඔතන කුණු ගොඩගහන එක වැර­දියි කියල? කරන්ඩ තියෙන්නෙ එක දෙයයි. ඔය­ගොල්ලො ගමට ගිහිං ගම්මුන්ට පැහැ­දිලි කරල දෙන්ඩ ඉස්කෝ­ල­යක් කිට්ටුව කුණු ගොඩ­ග­හන එක වැර­දියි කියල. ඒ අතරෙ ගුරු මණ්ඩලේ අපිත් සාකච්ඡා කරල ළම­යින්ගෙ ගමන නවත්ත ගන්ඩ විදි­යක් හද­න්නම්. දැන් හැ‍මෝම ආපහු යන්ඩ. උදේ රැස්වීම පටන් ගන්ඩ වෙලාව ඇවිත්! හැබැයි මේකත් මතක තියා ගන්ඩ! ගමේ වැඩි­හිටි‍යො හිතන්නෙ - මතන්නෙ නැතුව කරපු වැඩේ තමයි වැරැද්ද තියෙන්නෙ. ඒකට දරු­වන්ට දඬු­වම් කරන්ඩ මං කැමති නෑ’

දවාලේ ශිෂ්‍ය නාය­ක­යෙක් විටින් විට කුණු ගොඩ පැත්ත විප­රම් කොට හොරෙන් එහි ගොස් සිටි ශිෂ්‍ය­යන්ගේ ගේ නම් ලියා ගත්තේ ය. ඒ අනුව විදු­හ­ල්පති අදාළ ශිෂ්‍ය­යන් ගෙන්වා අව­වාද කළේ ය. ඒ අතර ම විදු­හ­ල්පති දරු­වන් කුණු ගොඩ ළඟට යෑමෙන් වැළැ­ක්වීමේ ක්‍රම­යක් සකස් කිරී­මට සිය ගුරු මණ්ඩ­ලය පෙල­ඹුවේ ය.

මාසයේ පුන් පෝ දින එළ­ඹියේ ඊළඟ සතියේ ය. පෝ දින විදු­හ­ල්ප­තිගේ නියෝ­ග­යෙන් ළම­යින් පන්ස­ලට කැඳ­විණ. වන්ද­නා­මා­නා­දි­යෙන් හා ස්වාමීන් වහ­න්සේගේ අනු­ශා­ස­න­යෙන් පසු දරු පිරිස පෝලිමේ කැඳ­වා­ගෙන යන ලද්දේ පාසල් පිට්ට­නි­යට ය.

කුණු­ගොඩ හොඳින් දිස්වන, එහෙත් කුණු ගඳ එත­රම් නොදැ­නෙන තැනක ළම­යින් නව­ත්වන ලදි.

විදු­හ­ල්ප­ති­ව­රයා කුණු­ගොඩ ළඟට යෑමේ සහ එහි ගසෙන් අඹ කඩා කෑමේ ආදි­නව පැහැ­දිලි කළේ ය.

විදු­හ­ල්පති ගේ කතාව අව­සාන වෙන­වාත් සමඟ ම කුණු­ගොඩ පැත්තේ සිට සින්දු­වක් කියා­ගෙන ආවේ සින්දු ජෝන් ය.

‘... කුණු කුණු කුණු කුණු කුණු ගඳ එනවා

රුං රුං රුං රුං මදුරු‍වො එනවා

ලෙඩ ලෙඩ ලෙඩ ලෙඩ ලෙඩ පැති­රෙ­නවා

මං ඈතට යනවා - මං ඈතට යනවා...’

ඒ සමඟ ම පෙර සැල­සුම ක්‍රියා­ත්මක වී පිරිසේ සිටි ළමයි පිරි­සක් ද ඒ ගීය ගය­න්නට පටන් ගත් හ.

බහු­තර ළමා පිරිස විස්ම­යෙන් මුස­පත්ව බලා සිටිය දී පෙර පුහු­ණුව ලද ඊළඟ ළමා පිරිස ද ගීයට එක් වූහ.

ගීය මුළු ළමා පිරිස ම අතර ව්‍යාප්තව ගියේ ළැව් ගින්නක් සේ ය. පෙර පුහු­ණුව ලද ළමයි ගීය ගය­මින් නට­න්නට වූහ. ඒ දුටු සෙසු දරුවෝ ද ඔවුන් අනු­ක­ර­ණය කර­න්නට වූහ.

අව­සා­නයේ දක්නට ලැබුණේ ගීය ගය­මින් රංග­න­යක යෙදෙන සමස්ත ළමා යායකි.

දරු­වන් විසිරී ගියේ තේ පැන් සංග්‍ර­හ­යක් ද බුක්ති විඳි පසු ය.

ගුරු මණ්ඩ­ලය විසින් රහසේ නිමවා පුහුණු කරන ලද මේ ගී සන්ද­ර්ශ­නය සමස්ත පාසල් දරු­වන්ට කෙත­රම් ප්‍රබ­ලා­කා­ර­යෙන් දැනුණා ද යත් එතැන් පටන් කිසි ම දරු­වකු කුණු­ගොඩ ළඟ අඹ ගසෙන් අඹ කඩා කන්නට ගියේ නැත.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »