මල් පාඩම

2018-11-16 11:23:00       677
feature-top
මා කුඩා කල මා මවගේ ගෙය අසල මල්ව­ත්තක් තිබිණ. එය කෙත­රම් ලස්ස­නට තිබුණා දැයි කිව­හොත් එය නැර­ඹී­මට රටේ ඈත පෙදෙ­ස්ව­ලින් පවා මිනිස්සු ආහ.

මේ මල්වත්ත බලා ගත්තේ මගේ මව ය.

මගේ මව වය­සට ගොස් ලෙඩ වූවා ය. මල්වත්තේ කට­යුතු කර­ගැ­නී­මට බැරි­වීම ගැන ඇය බෙහෙ­වින් ශෝක­යට පත් වූවා ය.

‘අම්ම දුක් වෙන්ඩ එපා! මං මල්වත්ත බලා ගන්නං’ මම කීමි.

එතැන් පටන් මම මල්වත්තේ වැඩට බැස්සෙමි. උදේ සිට කළුවර වැටෙන තුරු එහි වැඩ කළෙමි.

මව ද කෙමෙන් සුව වූවා ය. මස­කට පමණ පසු මල්වත්ත බැලී­මට පැමිණි ඇය ඒ දැක කම්පා­වට පත් වූවා ය.

ඒ වන විට මල් ගස් ලෙඩ වෙමින් ද, මල් හැලෙ­මින් ද, කොළ මැලවී බිමට වැටෙ­මින් ද පැව­තියේ ය.

‘මෝඩයො මොකක් ද මේ කෙරුවෙ?’ අම්මා කෝප­යෙ­නුත්, දුකි­නුත් කෑ ගැසුවා ය.

මට ද දුක දරා­ගත නොහැකි විය. ඇගේ කඳුළු දුටු මම ද හඬ­න්නට පටන් ගතිමි.

‘අම්මෙ, මම මේ මල්වත්ත මට පුළුවං තරං හොඳින් බලා ගත්ත. මං මල්ව­ලට ආදරේ කළා. ඒ විත­රක් නෙමේ මල් ඉම්බ. කොළ­වල දූවිලි පිහ­දැම්ම. එච්චර හොඳින් රැක­බ­ලා­ගෙන තියෙ­ද්දිත් මේ උණේ මොකක් ද කියල මට නං තේරෙන්නෙ නෑ’ මම කීමි.

අම්මා මොහො­තක් නිහඬ ව සිටියා ය. ඇගේ මුවේ යාන්තම් සිනා­වක් නැගෙනු මම දිටිමි.

‘පුතේ නුඹ හරිම මොඩ­යෙක්. මල්වල ජීවි­තය තියෙන්නෙ මල්ව­ලම නෙමෙයි. කොළ­වල ජීවි­තය තියෙ­න්නෙත් කොළ­ව­ලම නෙමෙයි’ ඇය කීවා ය.

‘එහෙනං කොහෙද?’ මම ඇසීමි.

‘ඒ ජීවිතේ තියෙන්නෙ පොළොව යට හැංගිලා තියන මුල්වල. යමෙ­කුට මුල් පද්ධ­තිය හොඳින් රැක­බලා ගන්ඩ බැරි උණොත් මලුයි කොළයි බලා ගන්ඩ බැරි වෙනව. මල් කොච්චර ඉම්බත් ඒවට කොච්චර ආදරේ කෙරු­වත් මල් ගස් වේළිලා යාවි. මල් ගැන කොළ ගැන උනන්දු නොවී මුල් ගැන උනන්දු උණොත් ඒ මුල් තමංගෙ මලුයි කොළයි ගැන බලා ගනීවි’ අම්මා පැහැ­දිලි කළා ය.

මේ පුතා ඓති­හා­සික පුද්ග­ල­යෙකි. ඒ මාඕ සේතුං ය.

මා මේ කතාව කියැවූ පොතෙහි ඒ අව­සා­නයේ මෙබඳු දෙයක් ද සට­හන් ව තිබුණු බව මට මතක ය.

මේ මල්, කොළ සහ මුල් අප ගේ ජීවි­ත­ව­ලට ආදේශ කර­ගත හැකි ය. මල් ගස්වල ජීවි­තය රඳා පව­තින්නේ එහි මල්වල හෝ කොළ­වල නොව මුල්වල වන්නා සේ ම මිනිසා ගේ ජීවය රඳා පව­තින්නේ ඔහු ගේ හිසේ හෝ හද­වතේ නොව ඔහු ගේ ආධ්‍යා­ත්මයේ ය.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »