රොටී සුවඳ

2018-11-12 12:01:00       107
feature-top
මොර­ව­ක්කන්ද ගාලු දෙණි­යාය පාරට පෙනෙන උස ම කන්ද ය. එය පේරා­දෙ­ණිය පසු­බිමේ පෙනෙන කඳු­රැල්ල මෙන් ප්‍රපා­තා­කාර ය.

ඇද හැලෙ­මින් තිබුණේ මොර­සූ­රන වැස්සකි. එක දිගට දෙදි­නක් ම වැසි වසි­මින් තිබිණ. ගෙයින් එළි­යට බසි­න්න­ට­වත් හැකි­යා­වක් නොවී ය.

තේ දලු මිල රුපි­යල් සිය­යට වැඩි වුවත්, තේ අක්කර ගණන් හිමි අය සිටි­යත් විම­ල­දාස සතු ව නම් තේ ගහ­ක්වත් නොවී ය. ඔහු ජීවත් වුණේ කුලී වැඩ කර­මිනි.

වැස්ස නිසා දෙස­ති­ය­කින් පමණ කුලී වැඩක් ද නාවෙන් විම­ල­දාස හොඳට ම අස­රණ වී සිටියේ ය. ඔහුට කළ හැකි එක ම දෙය වූයේ සාග­ර­යක් සේ දෙගො­ඩ­තළා යන නිල්වලා ගඟ දෙසත්, තම ගෙට ඉහ­ළින් වැහි­බර පරි­ස­රයේ දිස්වන මොර­වක් ගිරි­ශි­ඛ­රය දෙසත් බල­මින් සුසුම් හෙළීම පමණ ය.

යාබද බේබි නැන්දා ගේ ගෙට උඩින් දුමක් පිට වෙනු විම­ල­දා­සට පෙනිණ. ඔහු ඇද­වැ­ටෙන වැස්සට හිර­වෙ­මින් ඉහළ නගින දුම්රොටු දෙස බලා සිටියේ ය. ඒ සමඟ ම රොටී සුව­ඳක් ද ඔහු සොයා ආවේ ය.

‘බේබි නැන්ද නං රොටී පුච්ච­නව’ ඔහු ගේ කටට කෙළ ඉනුවේ ය.

මොර­වක් ගිරි­ශි­ඛ­ර­යෙන් ගිලි­හුණු ගල් කුටි­ටි­යක් විදුලි වේග­යෙන් පහ­ළට කඩා වැටුණේ එවිට ම ය. එය කඩා වැටුණේ විම­ල­දාස ගේ ගෙමි­දුල කෙළ­වරේ තිබූ දෙල්ගස ද චප්ප කර­ගෙන ය.

ගැස්සී ගිය විම­ල­දාස ගල් ගැසු­ණාක් සේ එදෙස බලා සිටියේ ය.

යාබද ගෙයි හෙවත් බේබි නැන්දා ගේ ගෙයි සිටි සරත් මේ සද්දය ඇසී ඉස්තෝ­ප්පු­වට දුව­ගෙන එන විටත් විම­ල­දාස සිටියේ පෙර පරිදි ම ගල් ගැසී­ගෙන ය.

‘යකෝ කන්ද එනවා! දුවමු! දුවමු!’ විම­ල­දාස ගේ සම වයස් මිතුරා, සරත් කෑ ගැසුවේ ය. එය පෙරළුණොත් මුළු පළාත ම චප්ප වී යන බව දෙදෙ­නාට ම හැඟිණ.

එකෙ­ණෙහි ම සිය මව සිහි­පත් වූ සරත් වහ වහා කුස්සි­යට දිව්වේ ය. එවිට ම බේබි නැන්දා හෙවත් ඔහු ගේ මව හත­ර­වැනි රොටිය වඩවා කබ­ලට දැමුවා ය.

සරත් ‘අම්මේ’ යි කෑ ගාමින් පුච්චා තිබුණු රොටී තුන ෂොපිං බෑග­ය­කට දමා ගත්තේ ය.

‘අම්මෙ ඔය ඇති! හනික යං! කන්ද එනව! යං! යං!’

අම්මා ද කට ඇරියා ය.

‘අනේ නිකං හිටහං දරුවො විසේ නැතුව! ඒදපු පිටි ගුළි හත­රක්ම තිය­නව. ගිහිං අහ­වල් එකද කන්නෙ?’

‘යං! යං! යං!’ කන්ද එනව යං!’

‘ගිහිං මොනව කන්නද? අපි යන තැන උං හප­න්නුද? අපි වගේම නෙව?’

‘නෑ නෑ අපි යං! දැං හැම­තැ­නම යට­වෙලා. කන්ද දිගේ ඉස්කෝ­ලෙට දුවමු!’ සරත් කෑ ගාමින් යළිත් එළි­යට ආවේ ය.

විම­ල­දාස පණ බේරා­ගෙන නොදුවා සිය මිතුරා හා ඔහුගේ මව සමඟ යෑමට මොහො­තක් රැඳී සිටියේ ය.

‘ඒයි විමලෙ ඉඳා රොටි­යක්’ ඒ අව්අස්සේ සරත් එක රොටි­යක් සිය මිතු­රාට දිගු කළේ ය. එය අතට ගත් විම­ල­දාස කෑල්ලක් ගිල දැමුවේ ය.

සරත් නැවත ද කුස්සි­යට දුව ගොස් අම්මාට කෑ ගෑවේ ය.

‘යං අම්මෙ! යං! යං!’

‘පොඩ්ඩක් හිටහං බං මේ ටික පුච්ච­නකං’ බේබි නැන්දා ද පුතාට කෑ ගෑවා ය.

වැඩි වෙලා­වක් නොගියේ ය.

බර බරාස් සද්ද­යක් ඇසිණ.

අක්කර ගණ­නා­වක යායක් රූටා­විත් සියල්ල වසා ගත්තේ ය. ඒ අතර ඔවුහු ද වූහ.

ඔවුන්ගේ සිරුරු ගොඩ ගැනුණේ සිවු දින­කට පසු ය.

මේ ඛේද­වා­ච­කය මැදින් මතු වූ ඒ අම­ර­ණීය අස­ල්වැසි සුහ­ද­තාව ගැන ලෝක­යට කිය­න්නට හිමාලි ජීව­තුන් අතර ඉතිරි වූවාය.

කිරි­ළි­පණේ පිය­දාස මුණ­සිංහ මහතා විසින් යොමු කරන ලද ලිපි­යක් ඇසුරෙනි.

උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »