නිහ‍ඬේ හඬ

2018-03-05 10:41:00       250
feature-top
මගීන්ගෙන් පිරුණු බස් රථය අධික වේගයකින් ධාවනය වෙමින් තිබුණි. ඒ තුළ මගීන් හිටියේ මහත් අපහසුතාවකිනි. රියැදුරු මහතාට තිබුණේ පුදුම හදිස්සියකි. සෑම බස් නැවතුම්පොළකම බසය නතර කරන ලදි. බැසගත් මගීන්ට වඩා ඇතුළු වු මගීන්ගේ ගණන වැඩි විය. එබැවින් බසය තුළ තෙරපුම තව තවත් අධික විය.

ඉදිරිපස අසුනේ සිටියේ මැදි වයසේ කාන්තාවක හා වැදගත් පෙනුමැති කඩවසම් තරුණයෙකි. ඔහු සිටියේ බර කල්පනාවකය. ඊළඟ නැවතුමේ බසයට ගොඩ වුවන් අතර මහලු කාන්තාවක් ද විය. ඇයට අසුනක් දෙන ලෙසට කොන්දොස්තර මහතාගේ ද අනුදැ‍නුමෙන් නැගිට්ටේ මැදිවියේ කාන්තාවකි. තරුණයා සිටියේ ඒ වන විටත් කල්පනා‍වේය.

ඊළඟ නැවතුමේ දී බසයට ගොඩවුවන් අතර ගැබිනි කාන්තාවක් ද වූවාය. ඇයට අසුනක් පිරිනැමීමට කිසිවෙක් ඉදිරිපත් නොවුහ. මගීන්ගේ අවධානය අර තරුණයා කෙරෙහි යොමු විය. කෙසේ ‍වූවත් වෙනත් මගියෙක් ගැබිනි කාන්තාවට අසුන පිරිනැමුවේය. සියලු මගීහු තරුණයාට නොරිස්සුම් බැලුම් හෙලුහ.

ඊළඟ නැවතුමේ දී බසය නතර කරන ලදින් තරුණයා නැගිට සිටියේය. පුදුමයකි. ඔහු ද ආබාධිතයෙකි. එක් පාදයක් නැත. ඇත්තේ කෘත්‍රීම පාදයකි.

කාට කාටත් අහිංසක හිනාවක් පෑ ඔහු අසීරුවෙන් බසයෙන් බැස ගියේය. දොස් පැවරූ අපි බිම බලාගත්ෙතමු.


උපුටා ගැනීම සිංහලමග් වෙබ් අඩවිය ඇසුරෙනි

More News »