සැරයටි ගමන

2018-01-23 10:30:00       234
feature-top
වියපත් මාතාවක් සැරයටි වාරුවෙන් හෙමිහිට පිය තබමින් බැංකුවට ආවා ය.

දොරද තල්ලු කර ගෙන කවුන්ටරය ඉදිරියට ආවා ය.

කවුන්ටරයේ සිටියේ තරුණ සේවිකාවකි.

මාතාව තම ගැටලුව ඇයට කීවා ය .

‘අම්මෙ, ඔය ප්‍රශ්නෙ අර මිස්ට කියන්න!’ තරුණ සේවිකාව වීදුරු කාමරයක් දෙසට අත දිගු කර පෙන්නුවාය.

වියපත් මව වීදුරු කාමරය දෙසට හැරුණා ය.

‘නෑ. නෑ. අම්ම ඔහොම ඉන්න. මං එන්නං ළඟට!’ එසේ කියමින් ම දොර ඇරගෙන මාතාව ළඟට ආවේ බැංකු කළමනාකාරිනියයි.

මා මේ දසුන දුටුවේ යක්විල ග්‍රාමීය බැංකුවේදී ය.

යක්විල, පරගම්මන නන්දසුමන මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.


උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි

More News »