අන්තිම පාඩම

2017-09-13 12:21:00       42
feature-top
එක්තරා ගොවියෙක් කුඹුරේ වැඩපළ කර ගත නොහැකි මට්ටමට වියපත් වූ‍ෙය් ය. ඔහුට කළ හැකි වූයේ ගේ දොරකඩ හිඳ ඔහේ බලාගත් අත බලාගෙන සිටීම පමණි.

ගොවිපළේ වැඩෙහි නිරතව සිටි ඔහුගේ පුතා ගේ දෙස බලන හැම මොහොතේ ම පියා දොරකඩට වී හිඳ සිටිනු දක්නා ලදි.

‘දැන් ඉතින් එයාගෙන් ඇති පලක් නෑ. එයාට දැන් කිසි ම වැඩක් කරන්ඩ බෑ’ පුත්‍රයා සිතුවේ ය.

ටික දිනකට පසු මිනී පෙට්ටියක් සාදා එය දොරකඩ ඇදගෙන ආ පුතු එහි ගොඩවන ලෙස පියාට කීවේ ය.

පියා කිසිදු ප්‍රශ්නයක් නොවිමසා මිනී පෙට්ටියට බැස එහි වැතිරුණේ ය.

පියන වසා දැමූ පුතා එය ගොවිපළ කෙළවරට ඇද ගෙන ගියේ ය.

එතැන උස ගල්කුළක් විය.

ඔහු මහත් වෑයමකින් මිනී පෙට්ටිය ගල්කුළ මුදුනට ඇද ගත්තේ ය.

එවිට ම පෙට්ටිය ඇතුළතින් එහි පියනට තට්ටු කරන හඬක් ඇසිණ.පුතු එහි පියන හැර බැලුවේ ය.

සාන්ත - දාන්තව වැතිර සිටි පියා පුතු දෙස බලා මෙසේ කීවේ ය.

“පුතේ උඹ හදන්නෙ මාව ගලෙන් පහළට තල්ලු කරල දාන්ඩනේ. මං ඒක දන්නව. උඹ ඒක කරන්ඩ කලින් මං කියන දේ පොඩ්ඩක් අහපං!’

‘ඒ ‍මොකක් ද?’ පුතා ඇසුවේ ය.

‘උඹට ඕන්නං මාව ගලෙන් පහළට තල්ලු කරල දාපං! හැබැයි මේ වටිනා මිනී පෙට්ටිය පරිස්සං කරල තියා ගනිං! මොකද ඒක කවදහරි උඹේ දරුවන්ට ප්‍රයෝජනවත් වෙයි’ පියා කීවේ ය.

මේ වූ කලි ඕෂෝ නමැති ශ්‍රේෂ්ඨ ඉන්දීය චින්තකයා විසින් සිය දෙසුමකදී කියන ලද්දකි. තියුණු උපහාසයෙන් පිරි මෙබඳු කතා කීමට ඔහු රුසියෙකි.

වියපත් තම මා පියන් මහමඟ දමා යන අද කාලේ ඇතැම් දරුවන් එක් රැස් කොට ඔවුනට මෙබඳු කතා වනපොත් කළ යුතු යැයි මම යෝජනා කරමි.

කෑගල්ලේ සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසු­ෙරනි.

Wmqgd .ekSu isxy,u.a fjí wvúh weiqfrks

More News »