සැබෑ දෙවිවරු

2017-08-24 12:13:00       20
feature-top
කිරිඳිවැල සතිපොළට ගියෙමි. එළවළු කිහිපයක් ද තෝරා ගෙන මුදල් ගෙවීමට හදද්දී පසුම්බිය අතුරුදහන්ව ඇති වග දැනිණ. ගිනි ගත් හදින් මම එය සොයන්නට වීමි. බැංකු ගත කිරීමට ගෙනා විශාල මුදලක් ද, හැඳුනුම් පත ද වූයේ එහිය. කෙතෙක් සෙව්වද එය හමු නොවී ය. මා ගෙදර ආවේ කැලඹුණු සිතිනි. මානසිකව ඇද වැටුණු දින කිහිපයක් ගෙවී ගියේ ය.

සඳුදාවක ලිපියක් ලැබිණ. කඩා බැලුවෙමි. නුහුරු අකුරු ය.

‘ඔබේ නැති වූ මුදල් පසුම්බිය අපට හමුවුණා. අප නිවෙසට පැමිණ රැගෙන යන්න’ එහි සඳහන් විය. මම උද්දාමයට පත්වීමි. වහාම එහි වූ දුරකථන අංකය ඇමතීමි.

පිළිතුර ලැබිණ. නිවෙසට පැමිණෙන ආකාරය ද හෙළි කැරිණ. මම මවත් සමඟ ඒ උතුම් මිනිසුන් සොයා පල්ලේගම ගියෙමි. සුන්දර පරිසරයක පිහිටි ඒ නිවෙසෙහි විසූ යුවළ අප සාදරයෙන් පිළිගෙන ආගන්තුක සත්කාරයෙහි නිරත වූහ. ඉක්බිති ඇරඹුණේ සාමීචියයි.

‘මෙන්න ඔයාගෙ පර්ස් එක’ ඔවුහු සිනාසී එය මට පිරිනැමූහ.

තිබූ සියල්ල තිබූ පරිදි ම එහි විය. මට දැනුණේ මහා සැනසීමකි. දෙවියන් බඳු උතුම් මිනිසුන් සමඟ වෙසෙන බවකි. අවසානයේ අපි ඔවුනට පුළුවන් තරම් ස්තුති කොට ගෙදර ආවෙමු.

පල්ලේගම, වේරහැර පාසල අසල නිසසල පරිසරයේ පිහිටි සොඳුරු සෙවණේ වෙසෙන ඉනෝකා සජීවනී මහත්මියටත්, ඇගේ ආදරණීය සැමියාටත් යහපත සැලසේවා! ඒ අය හැදූ වැඩූ මාපියන්ට ද පින් සිදු වේවා!

වතුරුගම, අමුණකුඹුරේ, තුෂාරා අයෝමි අමරසේන මෙනවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »