දරු දුක

2017-08-21 10:42:00       42
feature-top
ගිනි ගහන දවාලකි.

මම අමතර පන්තිය නිම වූ ම පුතු කැඳවාගෙන ගෙදර යමින් සිටියෙමි.

යෞවනයකු පිරුණු උරයක් කර තබා‍ගෙන අපහසුවෙන් ගමන් කරනු පෙනිණ. ඔහු ගේ ගත දහදියෙන් ද පෙඟී තිබිණ.

‘අම්මෙ, සචින් අයියා!’ ම පුතු ඔහු හඳුනා ගත් සේ ය.

ඒ ඇසී සචින් ද නැවතී අප දෙස බැලුවේ ය.

‘පුතේ, අද ඔයා පන්ති ගියේ නැද්ද?’ මම ඔහුගෙන් ඇසුවෙමි.

‘ගිය සතියෙත් යන්ඩ හම්බ වුණේ නෑ නැන්දෙ. බස් එකට දෙන්ඩ සල්ලි තිබුණෙ නෑ. තාත්තත් ලෙඩ වුණානේ. පෑවිල්ලට කුඹුරත් මැරුණා. මං මේ අම්මට හෙට පොළට යන්ඩ එළවළු හොයන්ඩ ගියා!’ ඔහු එක දිගට කියාගෙන ගියේ ය.

මට කතා කරගන්නට වචන නැති විය. ඔහු අහිංසක ලෙස සිනාසුණේ ය. මගේ හිතට මහා බරක් දැනිණ.

‘එහෙනං අපි යන්නං පුතේ’

‘හොඳයි නැන්දෙ’ මට සුසුමක් පිට විය. ‍ෙම් දරුවා ඉගෙනීමට හරි දක්ෂයෙකි.

සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 8ක් ගත්තේය. දැන් ඔහු ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ කරයි. ඔහු ගේ ඉලක්කය වෛද්‍යවරයකු වීම ය.

ඔහු පමණක් නොව ඔහු ගේ පවුලේ සෙසු දරුවෝ ද ඉගෙනීමට දක්ෂයෝ ය. ඔහු ගේ නැගණිය ද ශිෂ්‍යත්වය සමත් ය. බාලයා ශිෂ්‍යත්වය ලිව්වේ මෙදා පාර ය. සමෘද්ධි ලාභීන් වන මා පියෝ දරුවන් ගේ නුවණැස පාදන්නට දිවා රෑ මහන්සි වෙති. හේනට කුඹුරට නැහෙති. කුලී වැඩ කරති.

යමක් - කමක් ඇති අය මේ දරුවනට අත හිත දීම මහා සමාජ මෙහෙවරක් සේ ම උතුම් පින්කමකි.

දරුවන්ගේ පියාගේ ලිපිනය සහ බැංකු අංකය පහත දැක්වේ.

ඒ.එච්.එම්. වික්‍රමතිලක මයා, රජවිගම, පු/කරුවලගස්වැව. 78793931 ලංකා බැංකුවේ පුත්තලම ශාඛාව.

කරුවලගස්වැව නිරංජලා (071 - 2660978) මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

සටහන :- ඇගේ ආවරණ ලිපියෙහි මෙසේ සඳහන් වේ. "මීට පෙර ද ම විසින් අසරණ දරුවකු වෙනුවෙන් නෙළුම්විලට එවන ලද ලිපිය පළ වීමෙන් පසු කාරුණික හදවත් ඇත්තෝ ඒ පවුලට පිහිට වූහ. අදාළ දරුවා (නම ලියා ඇත.) විද්‍යා පීඨවලට තේරුණ ද පොලිස් පරීක්ෂක තනතුරකට කැඳවීම් ලැබ දැන් අදාළ පුහුණුවීම් කටයුතු සිදු කරයි. ඔහුට ඒ සඳහා පිටිවහලක් වූයේ නෙළුම්විල පාඨක ප්‍රතිචාරයයි.

Wmqgd .ekSu is¿ñK mqj;a m; weiqfrks

More News »