අසරණ පවුල

2016-10-10 12:59:00       534
feature-top
කදුරුවැව සුසන්ත කුමාර (35) ගොවිතැන් බත් කරමිනුත් ගොවිතැන් වැඩ නැති කාලයේ මේසන් වැඩ කරමිනුත් දරු පවුල හොඳින් නඩත්තු කළ දෙදරු පියෙකි.

මීට අවුරුදු දෙකකට ආසන්න කාලයේ දී ඔහු වහලකින් ඇද වැටී ආබාධිත තත්වයට පත් විය.

කුරුණෑගල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලත් ඔහු පසුව රාගම පුනරුත්ථාපන රෝහලට යැවිණ.

ඇද වැටීමෙන් සුසුම්නාවට බලවත් ලෙස හානි සිදුව ඇති බැවින් ඔහු ගේ දෙපා අප්‍රාණික ය. අද ඔහු ගෙවන්නේ රෝද පුටුවට ඇරුණ ජීවිතයකි.

කෙසේ ‍හෝ නැගිට ගත යුතු බැවින් දැන් ඔහු ආයුර්වේද ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු ඇද වැටුණු දා සිට ඔහු ගේ දරුවන් දෙදෙනාත්, බිරියත් අසරණව සිටිති. දරුවන් දෙදෙනාගෙන් අයෙක් පාසල් යයි. කුඩා දරුවා ගේ කන් ඇසෙන්නේ නැත. ඔහුට කතා කිරීමට ද නොහැකි ය.

අද මේ පවුල ජීවත් වන්නේ සමෘද්ධි සහනාධාරයෙන් අන්‍යයන්ගේ උදව් උපකාරත් ලබමිනි.

මේ දරු පවුලට පරිත්‍යාගශීලී සත් ජනයන්ගේ උපකාර අවශ්‍ය ය. ඇහැටුවැව ග්‍රාම නිලධාරි සහතිකය ද එවා තිබේ.

ලංකා බැංකුවේ ගල්ගමුව ශාඛාවේ 3872599 අංක දරන ගිණුම ඔවුන් වෙනුවෙන් විවෘත කර තිබේ. 0778496756 ඔවුන්ගේ දුරකථන අංකයයි.
 
ඇහැටුවැව, කදුරුවැව, ඇඹෝගම පාරේ, ආර්.එම්. සුසන්ත කුමාර රත්නායක මහතා වෙනුවෙන් ඔහු ගේ බිරිය තනුජා මහත්මිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu /�K mqj;am; weiqfrks

More News »