ලොකු මිනිබිරී

2016-09-26 11:40:00       550
feature-top
සේවාවේ යෙදී සිටිය දී හදිසි අන්තරායයකට මුහුණ පෑ හැරිසන් මහත්තයා රත්මලානේ දුම්රිය කර්මාන්ත ශාලාවේ දක්ෂ කාර්මික ශිල්පියෙකු ව සිටියේ ය. පසුව සුවපත් වී යථා තත්ත්වයට පත් වූ ඔහු විශ්‍රාම යන තෙක් ම එහි සේවාවේ යෙදී සිටියේ ය.

ඔහු විශ්‍රාම ගෙන ගෙදර නැවතී ගත වූයේ කෙටි කලකි. පෙර ආබාධයට ඔහු යළි ගොදුරු වූයේ ය. ඔහුට කොන්දේ වේදනාවෙන් තොරව ඇවි ද යා ගත හැකි නොවී ය. අමාරුවෙන් වුව යා ගත හැකි වූයේ ද කෙටි දුරකි. ප්‍රතිකාර කළ ද තත්ත්වය නරක් වූවා මිස යහපත් වූයේ නැත. අන්තිමේ දී ඔහුට හැරමිටියක් අතට ගන්නට සිදු විය.

විශේෂඥ වෛද්‍ය මතය වූයේ කොඳු නාරටියේ සැත්කමක් කළ යුතු බව ය. එය සාර්ථක වුවහොත් සුවය ලද හැකි ය. එහෙත් සැත්කමෙහි අවදානමක් ද තිබේ.

හැරිසන් මහත්තයා සැත්කමට කැමැති නොවී ය. ඊට වැඩිය හැරමිටිය හොඳ බව ඔහු සිතුවේ ය.

ඉතින් ඔහු හැරමිටි වාරුවෙන් එහා - මෙහා ගියේ ය. ටික දවසක් ගත වන විට හැරමිටිය ඔහු ගේ සිරුරේ ම අවයවයක් බවට පත් විය.

කවදත් හිත මිතුරු ඇසුරට, ආගන්තුක සත්කාරයට බර හැරිසන් මහත්තයා මිදුලේ පුටුවක හිඳ හිත මිතුරන් පිරිවරාගෙන සතුටු සාමීචියෙ යෙදෙමින් සිටීම සුපුරුදු දසුනක් බවට පත් විය.

ඔහු ගේ ඔඩොක්කුවේ වූයේ බුලත් වට්ටිය ය. ඔහු පුවක් සුද්ද කර කෑලි කපා වට්ටිය හැඩ කළේ ය.

විට හපමින් සෑහෙන වෙලාවක් සතුටු සාමීචියේ යෙදුණු පසු ඔහු හිත මිතුරන්ට ඊළඟ සුපුරුදු යෝජනාව කරයි.

‘යං තේ එකක් බොන්ඩ කුස්සිය පැත්තට’

ඔහු පිරිස කැඳවාගෙන හැරමිටි වාරුවෙන් කුස්සිය පැත්තට කිට්ටු කරයි.

හිත මිතුරන් සමුගෙන ගිය ද ඔහු තනි නොවී ය. පුංචි මිනිබිරියෝ දෙදෙනා ඔහු වටකර ගත් හ. ඔවුහු ඉර හඳ සේ ඔහු ගේ ලෝකය එළිය කළ හ.

ඔවුන් ගේ තොදොල් කතා, උසුළු විසුළු ඔහුට රස ගුළාවක් විය.

ඔහු සමඟ හුරතල් වෙමින් සිටින ලොකු මිනිපිරිය හිටි හැටියේ කුස්සිය පැත්තට දුවන්නී ය. ටිකකින් ඇය එන්නේ තේ කෝප්පයක් රැගෙන ය.

‘සීයෙ තේ එකක් බොන්නකො.’

‘ආ බොහොම හොඳයි පුතේ, බලමු! බොමු!’

හැරිසන් මහත්තයාට පපුවේ අමාරුවක් හැදුණ් හිටිඅඩියේ ම ය.

ළඟ හිටියේ ලොකු මිනිබිරී පමණි. සීයාට අමාරු බව දැනුණු ඇය ඔහු රෝහලට ගෙන යන්නට ත්‍රිරෝද රියක් හොයන්නට දිව්වා ය. එහෙත් නරක වෙලාවට ත්‍රිරෝද රථ එකක්වත් නොවී ය.

ආරංචිය ලද අසල්වැසියෝ ත්‍රිරෝද රියක් ‍සොයා ගෙනැවිත් හැරිසන් මහත්තයා රෝහලට ගෙන ගිය ද ඒ වන විට සියල්ල සිදු වී හමාර ය.

හැරිසන් මහත්තයා මිය ගියේ ය.

අවමඟුල් කටයුතු අවසන්වීත් ගම්මුන්ගේ මතකයේ තවමත් රැඳී තිබෙන යමක් වෙයි. ඒ, සීයා රෝහලට ගෙන යනු පිණිස මිනිපිරිය ත්‍රිරෝද රියක් හොයන්නට ගත් වෙහෙස ය. ඒ මොහොතේ ඇගෙන් පළ වූ ආවේගයත්, ඒ කඳුළු පිරි දෑසත් ගම්මුන්ගේ සිත් සසල කළේ ය. මේ මිනිබිරිය ඉගෙන ගන්නේ මහරගම විද්‍යාකර බාලිකා ප්‍රාථමික විද්‍යාලයේ පහේ පන්තියේ ය.

කසුනිකා මිනිබිරියේ ඔබ සීයා බේරා ගැනීමට ඔහුගේ අවසාන මොහොතේ ගත් මහා වෙහෙස අපේ සිත් පත‍්ලේ නොමැකෙන පරිදි ඇඳී තිබේ.

මහරගම, නාවින්නේ, එම්. සුනිල් ශාන්ත මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu ��ir weiqfrks

More News »