නිවන් දැකීම

2016-09-09 10:35:00       724
feature-top
මිත්තණිය ගුවන් විදුලි දම් දෙසුමකට සවන් දෙමින් සිටියා ය.

පුංචි මුනුපුරා ඈ අසල සෙල්ලම් කරමින් සිටියේ ය.

දම් දෙසුමේ තේමාව වූයේ නිවන ය. එහි නිවන යන වදන නිරන්තරව කියැවිණ.

“මොකක්ද අත්තම්මෙ නිවන කියන්නෙ?”

මුනුපුරා ඇසුවේ ය.

මිත්තණිය ගැටලුවකට මුහුණ දුන්නාය.

“කියන්නකො අත්තම්මෙ මොකක්ද ඔය නිවන කියන්නෙ?”

මුනුපුුරාට ඒ ගැන සරලව කියා දෙන්නේ කෙසේ දැයි ඇය සිතන්නට වූවා ය.

“අනේ අත්තම්මෙ කියන්නකො...”

“පු‍ෙත් නිවන් දකින්න තමයි අපි පින් කරන්න ඕනෑ.‍ නිවන් දකිනව කියන්නෙ මේ සංසාරෙන් එතෙර වෙන එක. එතකොට අපි ආයිමත් ඉපදෙන්නෙ නෑ. අපි ඉප‍දුණොත්නේ ඉස්කෝලෙ යන්න වෙන්නෙ. ඉගෙන ගෙන රස්සාවක් කරල සල්ලි හබ්බ කරන්න දුක් විඳින්න ඕන. අපි ආයිමත් ඉපදුණේ නැත්තං දුක් විඳින්න ඕනෑ නෑනේ...”

“අනේ හරි ෂෝක්නේ අත්තම්මෙ, එහෙනං ටීචර්ගෙන් ගුටි කන්නෙත් නෑ. ටීචර් කන මිරිකන්නෙත් නෑ. පොත් බෑග් එක පිටේ එල්ලගෙන ඉස්කෝලෙ යන්න ඕනත් නෑ නේද අත්තම්මෙ? එහෙනං මාත් පින් කරල නිවන් යන්න ඕනෑ”

පුංචි මුනුපුරා එසේ කියමින් මිදුලට දිව්වේ එහි සෙල්ලම් කරමින් සිටි සිය මලණුවන් හා එක්වීමට ය.

More News »