උදාර මිනිසා

2016-07-18 11:56:00       723
feature-top
මිනිසුන් මිය ගිය ද ඔවුන් ගේ ගුණ සුවඳ අප හදවත්හි රැ‍ඳෙයි.

මේ එබඳු කතාවකි.

මා සේවාව කළ රජයේ ආයතනය පිහිටා තිබුණේ පේරාදෙණියේය.

බළන්ගොඩ පෙදෙසෙහි පදිංචිකරුවකු වූ පියසේන මහතා ද එහි සේවාවට ආවේය.

පියසේන මහතා සිය දරු පවුල සමඟ නැවතී සිටියේ කිලෝමීටර හත අටක් දුර පිහිටි කුලී නිවෙසක ය.

ආර්ථික ප්‍රශ්න නිසාම පියසේන මහතා ගත කළේ සරල දිවි පෙවෙතකි.

ඔහු ඇන්දේ කලිසමක් හා ඊට උඩින් ඇඳි ජාතික ඇඳුමේ උඩ කොටසට සමාන අත් කොට කමිසයකි.

වැඩ ඇරී ඔහු බස් පොළට ආවේ ද පයිනි. එතැන් සිට බසයක ගියේය.

දිනක් ඔහු මෙසේ පයින් යන අතර උඩුකය නිරුවත් යාචකයෙක් ඔහු දෙස ආයාචනාත්මකව බලා සිටියේය.

ඒ බැල්මට පිටු පා යා නොහැකි පියසේන මහතා නැවතුණේ ය.

අනේ මහත්තයො පින් සිද්ධ වෙනව මට අඳින්ඩ ඇඳුමක් අරන් දෙන්ඩ!

යාචකයාට කමිසයක් මිල දී ගැනීමට තබා තමාට වුව යමක් මිලදී ගැනීමට පියසේන මහතා අත සෑහෙන මුදලක් නොවීය. එහෙත් සාක්කුව දුප්පත් වුව ද ඔහු ගේ හිත නම් දුප්පත් නොවී ය.

හැඳ ගෙන සිටි කමිසය වහාම ගැලවූ පියසේන මහතා එය යාචකයාට දී නිරුවත් උඩුකයින් ගොස් බසයකට නැඟ ගෙදර ගියේ ය.

මේ උදාර මිනිසා දැන් මිය ගොසිනි.

එහෙත් ඔහුගේ ගුණ සුවඳ මා හද සන්තානයේ නැඟි නැඟී එයි.

ගෙලිඔය කේ. එම්. කරුණාරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »