රන් මුදුව

2016-07-11 11:52:00       726
feature-top
ගමේ මඟුල් ගෙදරකි.

ආරාධිතයෝ දිවා අහර බුක්ති විඳිමින් සිටියහ.

පෙදරේරු ඔහු ද ඒ අතර සිටියේ ය.

අත සේදීමට අංගණය පසෙක සින්කයක් සවි කර තිබිණි.

බඩකට පිරුණු පෙදරේරු තෙමේ අසුනින් නැගිට සින්කය දෙස බැලුවේ ය.

ඒ අසල තදබදයක් පෙනිණ. එහෙයින් ඔහු මඳක් පසු බෑවේ ය.

ටිකකින් තදබදය මග හැරිණ. එවිට ඔහු සින්කය ළඟට ගියේ ය.

සේදීමට අත දිගු කරනවාත් සමඟ ඔහු ගේ නෙත ගැටුණේ එහි සිදුරේ හිර වුණ බත් ඇට අතර තිබූ මුදුවකි.

ඔහු වහා ම එය සෝදා හැර පිරික්සා බැලුවේ ය.

කාන්තා රන් මුදුවකි!

මුදුව කමිස සාක්කු‍වේ ලා ගත් හෙතෙමේ අත පිසදාගෙන අවට බැලුවේ ය.

ළඟ පාත නෑ පිරිසක් සතුටු සාමීචියක යෙදී සිටිය හ.

ඔහු හපන්කම හිතේ හංගා ගෙන ම පිරිසට ළංවී මෙ‍ෙස් විමසුවේ ය.

බලන්න කාගෙ හරි මොනව හරි නැතිවුණා ද කියල

පිරිස සාමීචිය මඳකට නවත්වා මොහොතක් තම තමන් ගැන අවධානය යොමු කළා. ඔවුන් ගේ කිසිත් නැති නොවූ සේ ය.

නෑ ඔවුහු කීහ.

පෙදරේරු තෙමේ ගෙදර ගියේ ය.

දන්නවද මං අයිතිකාරයෙක් නැති මුද්දක් ඇහින්දනෙ! ඔහු රන් මුදුව සිය බිරියට පෙන්නුවේ ය.

එය අතට ගත් බිරිය පිරික්සා බැලුවා ය.

වටින එකක්නේ

ඔව්. ඕක අරන් තියන්න

ටික කලක් ගෙවී ගියේ ය.

අත මිට හිඟ දවසක මුදල් හදිස්සියක් ඇති විය.

දහ අතේ කල්පනා කරමින් සිටි ඔහුට රන් මුදුව මතක් විය.

බිරියගෙන් මුදුව ඉල්ලා ගත් හෙතෙමේ එය සුළු මුදලකට බැංකුවක උකස් කළේ ය.

එයින් ඔහු ගේ අවශ්‍යතාව පිරිමැසිණ. ඉන් පසු දිගින් දිගට ම වැඩ ආයෙන් ඔහුට මුදල් හිඟයක් ද නොවී ය.

මෙසේ තවත් කාලයක් නොදැනීම ගෙවී ගියේ ය.

උකස් කළ රන් මුදුව ගැන සිහිපත් වූයේ ඒ අතර ය.

තක්කු මුක්කු වූ හෙතෙමේ උකස බේරා ගැනීමට බැංකුවට ගියේ ය.

උකස කල් පැන්නනේ. ඒක දැන් වෙන්දේසි කරලත් ඉවරයි! බැංකු නිලධාරියා කීවේ ය.

පෙදරේරු තෙමේ කරබාගෙන ගෙදර ආවේ ය.

ඔහු ගේ හිතේ ඒ වන තෙක් සැඟවී තිබුණු කිසියම් හැඟීමක් ඔස්සේ ඔහු තුළ දාර්ශනික අදහසක් පහළ වූයේ ය.

තමුන්ට අයිති නැති අනුන්ගෙ වස්තුවක් ඔහේ අපට නිකම්ම ලැබුණට කවදාවත් යා දෙන්නෙ නෑ. අයිතිකාරය කොච්චර හූල්ලන්න ඇද්ද? ඒක උකස් කරල ගත්තු සල්ලියත් නිකම්ම දියවෙලා ගියානෙ. මට තිබුණෙ එදාම ඒක අයිතිකාරය හොයල බාර දෙන්න. එහෙම කළා නං අද මේ පසුතැවිල්ල දැනෙන්නෙ නෑ, මතක් වෙන මතක් වෙන ගානෙ මගෙ හිතට සතුටක් දැනෙන්න තිබුණ. දැන් මොකද මේ වුණේ. මගෙ හිතේ හැංගිල තිබිච්ච ලෝබකම හින්ද දැන් මං රන් මුද්ද මතක්වෙන - මතක්වෙන ගා‍ෙන තැවෙනව!

බළන්ගොඩ, අමුපිටියේ, චන්ද්‍රපාල ලේකම්ගේ මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »