දැරියකගේ ආයාචනය

2016-07-06 11:19:00       723
feature-top
දිමුතු හිත් බඳනා දැරියකි. ඇය පාසල් ගියේ සතුටිනි. ගලින් ගලට පනිමින් යෙහෙළියන් හා ගත කළ ඒ මිහිරි අතීතය දැන් ඇයට සිහිනයක් පමණි.

දැන් ඇය දහවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබුව ද විඳින්නේ මහත් පීඩාවකි. ඇගේ කොඳු ඇට පේළියේ ඇද වීම ඇරඹුණේ ඇය පස්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන කාලයේය.

දැන් ඇය සැත්කමකට මුහුණ දිය යුතුව තිබේ. ඊට වැය වන රුපියල් ලක්ෂ 35ක පමණ මුදල සොයා ගැනීමට ද ඇයට සිදු ව තිබේ. සිය ශාරීරික පීඩාව විඳිමින් පිහිට පතා ඇය අප සොයා ලේක්හවුසියේ පඩි පෙළ නැඟ ආවා ය.

අනේ නැන්දේ, නැන්දලා මාමලට කියල මගෙ ඔපරේෂන් එකට ඕනැ ලක්ෂ 35 හොයල දෙන්න ඇය එසේ අයැද සිටියාය.

ඇයට කොඳු ඇට පේළිය නිසි පිළිවෙළට සැකසීමේ ශල්‍යකර්මයක් කළ යුතු බවට පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ශල්‍ය වෛද්‍ය එච්. ජේ. සුරවීර මහතා නිර්දේශ කර තිබේ. ඒ සඳහා අදාළ මුදල වැය වන බව ද සඳහන් ය. ඇගේ ශල්‍යකර්මය ඉන්දියාවේ චෙන්නායිහි ඇපලෝ රෝහලේ දී 2017 අගෝස්තු මාසයේ දී සිදු කිරීමට නියමිත ය. ඒ බව සනාථ කැරෙන ලිපියක් එහි විශේෂඥ ශල්‍ය වෛද්‍ය සජාන් කේ. හෙජ් (Dr. Sajan K. Hegde) මහතා විසින් නිකුත් කරනු ලැබ තිබේ.

ඇගේ අනන්‍යතාව සහතික කර ඇගේ පාසලේ විදුහල්පතිතුමිය ද, ග්‍රාමසේවක මහතා ද ලිපි ඉදිරිපත් කර ඇත.

ඇගේ ශල්‍යකර්මයට මුදල් එකතු කර ගැනීම සඳහා ලංකා බැංකුවේ ගා/ වඳුරඹ ශාඛාවේ අංක 79113247 දරන ගිණුම ද, මහජන බැංකුවෙ ගා/ වඳුරඹ ශාඛාවේ අංක 32520018000116 ගිණුම ද විවෘතව තිබේ.

ඇගේ වැඩි විස්තර දැන ගැනීමට කැමති අයට 0729192836 සහ 0914995096 අංක ඇමතිය හැකිය.

සිළුමිණ කර්තෘ මණ්ඩලයේ ටෙක්ලා පද්මිණි කාරියවසම් මෙණෙවිය විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »