සතුටු කඳුළු

2016-06-29 11:03:00       723
feature-top
සර් හම්බවෙලා මේ ආරංචිය දෙන්ඩමයි මං මේ තකහනියක් ම සර්ව හම්බවෙන්ඩ ආවෙ

මා ඉදිරියේ පෙනී සිටියේ තරුණයෙකි. ඔහු මගේ පරණ ගෝලයෙකි.

මම ආසාවෙන් ඔහුට සවන් දීගෙන සිටියෙමි.

ඔහු කී කතාව මෙබඳු ය.

ඒ දෙදහස් දහය වසර ය. බිංගිරිය පැත්තේ තරුණයෝ දස දෙනෙක් සයිප්‍රසයේ බැටරි සමාගමක රැකියාවලට ගියෝ ය.

දෙමසකින් සමාගම වැසී ගියේ ය.

තරුණයෝ අතරමං වූහ.

කරන්නට දෙයක් නොවූ ඔවුහු රැකියා සොයමින් තැන තැන යන්නට වූහ.

සමහරුනට කුලී වැඩ ලැබිණ. තවත් සමහරු ‍හෝටල්වල සුළු සුළු වැඩ කරදී ජීවිකාව රැක ගන්නට වූහ.

මේ පිරිස මැද සිටි එක් අයෙක් වූයේ සේපාල ය.

‍‍හොඳ වෙලාවට ඔහු මෙරට දී සම්පූර්ණ කරන ලද වෙල්ඩින් පාඨමාලාවකට අදාළ සහතිකය ද රැගෙන ගොස් සිටියේ ය.

වෙල්ඩින් සහතිකය අතට ගත් ඔහුට අලුත් කල්පනාවක් ආවේ ය. ඔහු වෙල්ඩින් කම්හලකට ගොස් එහි ‍ලොක්කා හමු වී තම සහතිකය ඉදිරිපත් කොට රැකියාවක් ඉල්ලා සිටියේ ය.

සහතිකය දැක පැහැදුණු ලොක්කා පසු දා සිට වැඩට එන්නැයි සේපාලට කීවේ ය.

දැන් සේපාල එහි වෙල්ඩින් රස්සාව කරයි. මාසික වැටුපක් ද ලබයි.

ඒ සේපාලත් මේ ආරංචිය මට ගෙනා තරුණයාත් යාළුවෝ ය.

දිනක් සේපාල‍ මේ යාළුවාට රහසක් කීවේ ය.

මචං අද මං වෙල්ඩින් රස්සාව කරගෙන හොඳින් ජීවත් වෙන්නෙ අපේ ඉස්කෝලෙ දිසානායක සර්ට පින් සිද්ධ වෙන්ඩ! දිසානායක සර් තමයි අපිට වෙල්ඩින් වැඩ උගන්නල සහතිකේකුත් දීල තිබුණ. උඹ ලංකාවට ගියා ම දිසානායක සර්ව කො‍හොම හරි හම්බවෙලා මේ ආරංචිය දීපං. සර් ඒක අහල සන්තෝස වෙයි.

අර තරුණයා කී කතාව එසේ ය.

මා වසර විසි හයක ගුරු සේවාවෙන් විශ්‍රාම ලැබීමට පෙර වරක් බිංගිරිය ජාතික පාසලේ කාර්මික ගුරුවරයාව සිටියෙමි. පාසල් හැර ගිය රැකියා විරහිත සිසුනට හවස් කාලයේ වෙල්ඩින් කාර්මික ශිල්පය පුහුණු කළ හැටි මට තවම මතක ය. සේපාල ද ඒ සිසුන් අතර සිටි කෙනෙකි.

මා එසේ කටයුතු කළේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නොවිධිමත් අධ්‍යාපන අංශය මඟින් මෙහෙයැවුණුවිදුලි පෑස්සුම් ශිල්පය පාඨමාලාවේ උපදේශකවරයා වශයෙනි.

අද මගේ ගෝලයෝ බොහෝ දෙනෙක් රටේ නොයෙක් තැන්වල රැකියා කරති. සමහරු විදෙස් රැකියා කරති. සේපාල ද අයෙකි.

අවසානයේ සේපාලට පිහිට වූයේ දෙපාර්තමේන්තු මට්ටමින් ම විසින් ඔහුට නිකුත් කරන ලද සහතිකය යි.

ම සිත සන්තෝසයෙන් පිරී යයි. මේ ගලා හැ‍ෙලන්නේ කඳුළු කැට ‍නොවේ. ඒ සන්තෝසය යි.

බිංගිරියේ, කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »