පිනන නයන

2016-06-27 10:47:00       728
feature-top
රට රැකියාවක නිරත මපුතු නිවාඩුවකට ගෙරද එන විට වියපත් මගේ දෑසෙහි පෙනීම බෙහෙවින් දුර්වලව තිබිණ.

දෑසට කාච දැමීම සඳහා ඔහු මා සීදුවේ විජය කුමාරතුංග ඇස් රෝහලට කැඳවාගෙන ගියේ ය.

අප එහි යන විට පාන්දර සිට පැමිණ සිටි රෝගීන්ගෙන් එය පිරී තිබිණ.

මා බඳු වියපත් වූවෝ ය. තරුණ තරුණියෝ ය. දරු දැරියෝ ය.

අලුයම සිටි පැමිණියෝ අසුන් ගෙන සිටියහ. සෙස්සෝ හිටගෙන සිටියහ.

පිරික්සුම් ක්‍රියාවලිය දිගට ම සිදු වෙමින් තිබිණ. රෝගීන් ඒ ඒ කුටිවලට යොමු කැරිණ.

ඇමතුම් මිහිරි ය. ‍

අම්ම එන්ඩ?

ආ ඔය තාත්ත එන්ඩ?

මල්ලි එන්ඩ?

නංගි ඔයා එන්ඩ!

සුදු වතින් සැරසුණු කාර්ය මණ්ඩලයේ අය කඩිසර ය.

මට අඬගසනතුරු මම ඉවසිල්ලෙන් සිටියෙමි. ලෝකය දකින්නට, සමාජය දකින්නට, දූ පුතුන් දකින්නට, පැහැදිලිව දකින්නට හිතේ ඇති ආසාව සුළු පටු නොවේ.

මගේ වාරය ආවේ ය. මා දෑස පිරික්සිණි. තාක්ෂණය දියුණු ය. සටහන් යොදන ලද අක්ෂි වට්ටෝරුව අතට ලැබිණි.

දැන් මා පුතු කඩිසරය. ඔහු කාච හා වෙනත් වුවමනා දේ ගැනීමට ඒ ඒ තැන්වලට දුවයි.

මට වඩා වියපත් පියකු සමඟ මම කතාවට වැටුණෙමි. ඔහු පැමිණ තිබුණේ ඈත දුෂ්කර ගම්මානයකිනි.

ඔහුට දරුවන් සිටිය ද පැමිණ සිටියේ අසල්වැසියකු සමඟ ය. දරුවන් ගේ පිය සෙනෙහසෙහි බරට වඩා වැඩකටයුතුවල බර වැඩි ය.

සිය අක්ෂි වාර්තා සටහන් ද ඔහු අතේ තිබිණ.

ඔහු සිටියේ කැලඹිල්ලෙනි. මම ඊට හේතු විමසීමි.

මට සල්ලි නෑ. ආවෙ නොමිලේ කාච හයි කරයි කියල හිතලනෙ. ඒකට සල්ලි ගෙවන්න ඕනැ කියල දැනං හිටියෙ නෑනෙ. මා ළඟ කොයින්ද සල්ලි?

ඔහු තමා සන්තකයේ වූ ග්‍රාමනිලධාරි සහතිකය මට පෙන්වීය. ඊට ප්‍රාදේශීය ලේකම්වරයා ද අනු අත්සනක් යොදා තිබිණ.

ලෝකය හරියට දැක ගන්නට ආසාවෙන් සිටි ඔහුගේ දෑස බොඳව යමින් තිබිණි.

මෙය කන වැකුණු මපුතු ගේ හිත උණු වුණේ ය.

අමුත්තා ගේ අක්ෂි වාර්තා ලියකියවිලි ඉල්ලා ගෙන කාර්ය මණ්ඩලය සමඟ කතා බහක නිරත වූ මපුතු යළි අමුත්තා ළඟට ආවේ ය.

බය වෙන්ඩ එපා මාමෙ. ඔයාට කාච දෙකක් දාගන්ඩ පුළුවන්. මං ඒක කරන්නං

අනේ පිං අයිති වෙනව මහත්තයො

නැවත කඩිසර වූ ම පුතු අමුත්තාට වුවමනා කාච හා සෙසු දේ ද සිය වියදමින් මිලදී ගෙන පැමිණියේ ය.

අමුත්තා ගේ දුර්වල දෑස සතුටින් බොඳවී යනු පෙනිණ. ඒ දුටු ම සිත ඇති වූයේ පහන් හැඟීමකි.

ටිකකික් අමුත්තා සැත්කම් කුටියට කැඳවාගෙන යනු පෙනිණ. අමුත්තා ද මා මෙන් ම අලුතින් ලෝකය දකිනු ඇත. මපුතුට පින් සිදු වේවා!

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »