පුත් වරුණ

2016-05-25 11:06:00       731
feature-top
පවුලේ එක ම පිරිමි දරුවා වූ පුංචි ගාමිණීට අක්කලා දෙන්නෙක් ද, නංගියෙක් ද වූහ, පෝලියෝ රෝගය නිසා නංගි ගේ දෙපා පණ නැතිව ගොස් තිබිණ.

අක්කලා දුව පැන සෙල්ලම් කරන විට පුංචි නැඟණිය බිම හිඳ ඔවුන් දෙස බලා සිටියා ය. පුංචි ගාමිණි මේ අහිංසකාවියට පැටි වියේ සිට ම දයාව පෑවේ ය.

තාත්තා හය දෙනකු ගෙන් යුත් පවුල නඩත්තු කරන්නට මහා වෙහෙසක් ගත්තේ ය. අම්මා ඉවුම් පිහුම් කළා ය. අම්මා ගේ ගෙදර දොර වැඩට උදවු කිරීමට අක්කලාට සිදු වූ බැවින් නංගි වඩාගෙන එහා - මෙහා යෑම ඉබේ ම පැවරුණේ පුංචි ගාමිණීට ය.

කෙමෙන් ලොකු වන නංගි උස්සාගෙන යෑම පහසු නොවූ හෙයින් පියා ඇය නංවා තල්ලු කර ගෙන යෑමට රේසර් රෝද යෙදූ තල්ලු කරත්තයක් සාදවා දුන්නේ ය. නංගි එහි නංවා ගත් පුංචි ගාමිණි ඇයට ලෝකය පෙන්නුවේ ය.

ගමේ බොහෝ දෙනා නෑමට ගියේ ගමට තරමක් එහායින් තිබූ පීල්ලට ය. සර - බර හඬ නඟන රේසර් කරත්තයේ නැඟණිය නංවා ගත් පුංචි ගාමිණි නාන්නට පීල්ලට යන දසුන ගමේ කාටත් හුරු පුරුදු එකක් විය.

නැඟණිය ගේ පාසල් වයස එළඹියේ ය. මාපියෝ ඇය ආබාධිත දරුවන් වෙනුවෙන් වෙන්වුණු විශේෂ පාසලකට ඇතුළත් කළහ, එහි යන ගමනට නැඟණිය බසයකට නංවනු පිණිස ගමෙන් එහා ගොරකකුඹුර හන්දියට යා යුතු විය. මේ පා ගමන් මඟ වැටී තිබුණේ තේ, රබර් වතු මැදින් කඳු හෙල් මතිනි. පුංචි ගාමිණි පියා ද සමඟ ඒ දුර ගියේ නැඟණිය උර මත නංවා ගෙන ය.

ඇය සිය විශේෂ පාසලෙහි ඉගෙන ගත්තේ නේවාසික ව ය. පාසල් වාරය ආරම්භයේ ඇය උර මත නංවා බසයට රැගෙන ගොස් බසයේ නැඟ පාසලට ඇය ඇරලූ පුංචි ගාමිණී පාසල් වාරය අවසානයේ ඒ විදියට ම ඇය ගෙදර කැඳවාගෙන ආවේ ය.

මෙසේ එක වාරයක් බසයෙන් ආපසු ගොරකකුඹුර හන්දියට පැමිණි පුංචි ගාමිණී එතැන් සිට පයින් ම සිය පාසල කරා යමින් සිටියේ ලහිලහියේ ය. ඔහුගේ දෙපා දුහුවිල්ලෙන් පිරි තිබුණු අතර ගමන් වේගය නිසා සියොලඟ දාහයෙන් පෙඟී තිබිණ. අපවිත්‍ර ව පාසලට නොයා යුතු යැයි සිතූ ඔහු පොත් මිටිය පසෙක තබා දොළ පිහිල්ලකින් ඇඟ පත සෝදා හැරියේ ය.

දහවල් වී පාසලට එන ගාමිණි දුටු මුල් ගුරුවරයාට කේන්ති ගියේ ය.

මෙහාට එනව! මොකද පරක්කු වුණේ?

නැඟණිය කරින් ගෙන බසය දක්වා ගොස්, එතැන් සිට පාසලට ද ගොස්, ඇය බාර දී හැකි වේගයෙන් ආපසු ආව ද පාසලට ඒම මඳක් පමා වූ බව ඔහු කරුණාවෙන් පැහැදිලි කළේ ය. ඒ අසා සිටි මුල් ගුරුවරයාගේ හිත තැන්පත් විය.

හොඳයි, දැන් ඉතින් ඔය ළමය පන්තියට යන්ඩ!

කාලය ගෙවී ගියේ ය.

පුංචි ගාමිණි ඉගෙන ගෙන ලොකු මහත් වී රැකියාවක් සොයා ගෙන තරුණියක ද ආවාහ කොට ගත්තේ ය. ඉගෙනුම හමාර කළ නැඟණිය ද ගෙදර පැමිණ මැහුම් ගෙතුම් කරමින් සිටියා ය. පියා හිටිහැටියේ ම අංශභාගයට ගොදුරු වූයේ මේ කාලයේ ය.

ගාමිණී සිය මාසික පඩියෙන් පවුල් දෙක ම නඩත්තු කළේ දෙවියකු මෙනි. තම දරු පැටවුන් ද, ඔත්පළ වූ පියාණන් ද, තම මව මෙන් ම බිරිය ද ඔහුට කිසි දින බරක් ලෙස දැනුණේ නැත.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »