උස්මිටිකම්

2016-05-20 11:48:00       724
feature-top
කාර්යාල දුම්රිය කොළඹ කොටුවේ දුම්රිය ස්ථානයට ළඟා වෙද්දී මගේ ඇස් ඉබේ ම දිව ගියේ මා හිසට ඉහළි තිබූ රාක්කයේ සෙසු ගමන් මලු අතර වූ මගේ අත්බෑගය වෙත ය.

මා මිටි ය. රාක්කය උස ය. එහෙයින් නිතිපතා එය රාක්කයේ රැඳවෙන්නේත්, ඉන් ආපසු ගැනෙන්නේත් උස කෙනෙකු ගේ පිහිටෙනි.

හිඳගෙන සිටි මා අසල එක්තරා උසට උස පුද්ගලයෙක් හිටගෙන හිටියේ ය.

මහත්තය, මට අර බෑග් එක අරන් දෙන්ඩ ප්ලීස් මම ඔහුට කීමි.

මට බෑ!

ඔහු ගත් කටට ම කීවේ ය.

අසරණ වූ මට වට පිට බැලිණි. ළඟ පාත සිටි සෙස්සන් ද මා මෙන් ම මිටි ය.

වාසනාවට මෙන් මේ සිද්ධිය නිරීක්ෂණය කරමින් සිටි තරුණයෙක් පැමිණ මගේ බෑගය රාක්කයෙන් ගෙන මා අත තැබුවේ ය.

මම ඔහුට තෑන්ක්ස් කියමින් එය බාර ගතිමි.

උසට උස තැනැත්තා ද එය දුටුවේ ය.

ඔහුගේත් මගේත් නෙත් එකට ගැටිණ.

කරදර කළාට සමාවෙන්ඩ! මම ඔහුට කීමි. එය ඇසුණ ද ඔහු ගහක් - ගලක් සේ සිටියේ ය.

මගේ කනගාටුව ප්‍රකාශ කිරීමේ යටි අරුත තේරුම් ගත් ඔහු අසල සිටි කාන්තාවක් ඔහු දෙස බලා මෙසේ ඇසුවේ ය.

අර මිස්ට ඔයා මොකක්ද කිව්වෙ?

මං ඉන්නෙ එක - එක ගෑනුන්ගෙ බෑග් අරන් දෙන්ඩ ද? ඔහු උස් හඬින් එසේ ඇසුවේ ඊට ප්‍රතිචාර වශයෙනි.

දුම්රිය බස්රිය ආදියේ දී මිටි අයට මෙබඳු උපකාරයක් කිරීම ඇතැම් විට උස අයට හිරිහැරයක් විය හැකි ය. එහෙත් රාක්කයට අත දිග නැති මිටි අය ගේ බෑග් රාක්කයේ තබන්නටත් රාක්කයෙන් ආපසු රැගෙන දෙන්නටත් හැකියාව ඇත්තේ උස අයට පමණ ම ය. එහෙයින් උස අය කෝප නොගෙන මේ සමාජ සත්කාර්යය ඉටු කරන අතර ම එදිනෙදා වියදමක් නැති පිනක් කර ගැනීමට හිත හදා ගැනීම නම් මැනවි.


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »