කැසට් යන්ත්‍රය

2016-05-16 11:31:00       731
feature-top
අ‍ෙප් පාසල පිහිටා ඇත්තේ දුෂ්කර පෙදෙසක ය. එහි සිසු සිසුවියෝ දෙසියයක් පමණ අධ්‍යාපනය ලබති.

කලාප‍යේ සෙසු කනිටු පාසල් අතර අප පාසලේ අධ්‍යාපන මට්ටම ඉහළ ය. ඉකුත් ශිෂ්‍යත්ව ප්‍රතිඵල ඊට නිදසුනකි.

අප පාස‍ලේ පොදු ඇමතුම් පද්ධතිය යහපත්ව පවත්වා ගෙන යනු පිණිස හොඳින් ක්‍රියා කරන කැසට් යන්ත්‍රයක් නොමැති වීම බලවත් අඩුපාඩුවකි. තවත් අඩුපාඩු ඇතත් කැසට් යන්ත්‍රය ප්‍රධාන ය.

එහෙයින් මෙහි සිසු දරු දැරියන් ගේ අනාගතය ගැන සිතා බලා අප ඉල්ලීම ඉටු කරන හැටියට මුදල් හදල් ඇති මාමලා නැන්දලා ගෙන් ඉල්ලා සිටිමු.

අදාළ පාසලේ සිසු දරුවකු විසින් යොමු කරන ලද ඉල්ලීමකි. විදුහල්පති තුමන්ගේ මුද්‍රාව ද එහි තිබේ. පාසලේ ගෞරවය පතා එහි අනන්‍යතාව හෙළි නොකැරේ.

මේ දරුවන් ගේ ඉල්ලීම ඉටු කිරීමට කැමැති පරිත්‍යාගශීලීන්ට සිළුමිණ කර්තෘ මණ්ඩලයේ ඉනෝකා සමරවික්‍රම මහත්මියගෙන් (0112429265) විස්තර ලබා ගත හැකි ය.
නෙත් පැතීම

රිය අනතුරක් හේතුවෙන් වසර දහ තුනක කාලයක සිට මගේ ඇස් පෙනීම දුර්වල වී තිබේ.

අනතුර සිදු වූ මුල් යුගයේ මා පිරික්සූ විශේෂඥයා කියා සිටියේ පෙනීම යහපත් කර ගත නොහැකි බව ය. නමුත් මෑතක දී යළි පිරික්සූ විශේෂඥයකු කීවේ යාන්තමින් හෝ පෙනීම ලබා දිය හැකි බව ය.

එ‍සේ වුව ද කිසිසේත් මුදලක් ඉපැයීමේ හැකියාව නැති මා හට ප්‍රතිකාර වෙනුවෙන් මසකට රුපියල් දස දහසක් පමණ වැය කිරීමට සිදුව තිබේ. මාගේ මාපියෝ ද වියපත් ය.

දෑසට පෙනුම ලබා ගැනීම මගේ සිහිනයයි. එහෙයින් ඔබේ පිහිට පතමි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »