කතන්දරයක රස

2016-05-03 11:47:00       723
feature-top
දෙවන වසරේ ඉගෙනුම ලබන පුංචි මුනුපුරා සිය මිත්තණිය ගෙන් කතන්දර ඇසීමට දක්වන්නේ මහත් රුචියකි. මිත්තණිය ද ඔහුට ආසාවෙන් කතන්දර කියයි.

තමා පනහේ දශකයේ කියැවූ විදෙස් කතන්දර පොත් කිහිපයක් තවමත් මිත්තණිය සතුව තිබේ. තමා පුංචි සන්දියේ රස විඳි ඒ කතන්දර මුනුපුරාට කියන විට මිත්තණිය ද මනසින් තමා ගේ ළමා ලෝකයට යයි.

ගුවන් විදුලියේ ධර්ම දේශනාවලට සවන් දීම ද මිත්තණිය ගේ පුරුද්දකි. දහම් පොත් කියවන ඇය පන්සලට ගොස් පෙහෙවස් ද සමාදන් වෙයි.

දිනක් මිත්තණිය කියූ කතන්දරයක් රස විඳි පුංචි මුනුපුරා ඇගෙන් මෙසේ විමසුවේ ය.

අත්තම්මෙ, අත්තම්ම ඉංග්‍රීසිත් දන්නවා. ඒ වුණාට බණත් අහනව. ඒ කොහොමද අත්තම්මෙ?

අත්තම්මා සිනාවක් පෑවා පමණි.

මේ කුඩා දරු පැටියාට එය පැහැදිලි කරදෙන්නේ කෙසේ දැයි ඇයට නොවැටහිණි.

ඇයි පුතා එහෙම ඇහුවෙ?

මොහොතක් නිහඬව සිටි මුනුපුරා ගේ මුව පළල් වී සිනාවක් ඇතිරී ගියේ ය. ඒ දැක මිත්තණිය ද සිනා පෑවා ය.
 

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »