ගමනක සුවය විදිමු

2016-03-29 10:08:00       727
feature-top
උදා හිරු රැස් කදුරු ගස අතරින් පෙරීවිත් සුදු වැලි මිදුලෙහි ඇතිරී ඇත්තේ සෙවණැලි සදමිනි. ගසේ තද අඳුරු කොළ අතරින් සුදු පැහැ මල් දිස්වන්නේ පුංචි තරුකැට මෙනි. පැසී ඇති කදුරු ගෙඩි තැඹිලි පාටින් දිස්වෙයි. පැළුණු ඇතැම් ගෙඩිවල පැළුම් විවර වී ඇට රතු පාටින් දිස්වෙයි.

කහ කුරුල්ලෙක් දෙන්නෙක් එක තැන පියා සලමින් කදුරු ඇට ගිල දමති. ඒ අතර නුහුරු කුරුලු නාදයකි. මම විමසිලිමත් වීමි. ඒ රතු දෙමලිති ජෝඩුවකි. ඔවුහු නද දෙමින් ඇට ගිල දමති.

රතු දෙමලිත්තා වූ කලි අප රටට ආවේණික දුලබ කුරුල්ලෙකි. ඌ පොදුවේ දක්න ලැබෙන දුඹුරු දෙමලිත්තාට වඩා ලොකු ය. දුඹුරු රත් පැහැයෙන් යුතු ය.

මට මේ සුන්දරත්වය විඳින්නට ඉඩ ලැබුණේ දුරකථනය නාදවනතුරු පමණි.

ඇමතුම ආවේ මිතුරකු ගෙනි. දරුවන් ද සමඟ අම්පාර මඩකලපුව පැත්තේ විනෝද ගමනක් යමුයි ඔහු යෝජනා කරයි. ඒ අතර දරුවන් සමඟ මුහුදේ නා සැනසිය හැකි ය.

ඔහු එසේ යොජනා කරන විට ම මගේ හිතට ආවේ මඩකලපුවේ මංගලාරාමයයි. පසුගිය කාලේ ඊට මහත් විනාශයක් සිදු විය. බෝම්බ ගසන ලද අතර බෝ ගස ද කපා දැමිණ. යුද්ධයෙන් පසු හාමුදුරුවන් නැවත එහි වැඩම කර තිබේ. සිංහල ගම්මාන පිහිටා ඇත්තේ දුරින් නිසා හරියකට දානයක් ද නොලැබෙන ගාන ය.

එහෙනං යන ගමන් පන්සලට හාල් තුන පහ ටිකකුයි කෙවිලියාවඩුව ගමේ දරුවන්ට ලියන පොතුයි ඇඳුම් ටිකකුයි හෙම අරගෙනත් යමු යි මම යෝජනා කළෙමි. මිතුරා ද ඊට කැමැති විය.

පසුව මේ ගැන අපේ හිතවතුන් කිහිප දෙනෙකුට ද සැල කළෙමි. ඔවුහු ද අපට උදව් කළ හ.

යන දවස අත ළඟට ම පැමිණියේ ය. මේ තෑගි බෝග හා බඩුමුට්ටු ද රැගෙන අප සියලු දෙනාට එක ම වාහනයේ යෑමට ද නොහැකි ය. අපේ ඇඳුම් බෑග් ද ගෙන යා යුතුම ය.

ප්‍රශ්නයට විසඳුම් සොයන විට හොඳ අදහසක් ආවේ ය.

අපි මේ බඩු ටික පාදුක්කෙන් කෝච්චියට දාමු. එතකොට අපිට මඩකලපුවෙදි ගන්න පුළුවන්නේ. මම කීමි. මිතුරා ද ඊට එකඟ විය.

අප බඩුමුට්ටු ටික හාමුදුරුවන්ගේ නමට, පන්සලේ ලිපිනයට යවන සේ දුම්රිය ස්ථානයට බාර දී ආපසු ආවේ සැහැල්ලු සිතිනි.

අප ගමන පිටත් වූයේ ඊට දින කිහිපයකට පසු ය. පොලොන්්නරුවට ගොස් ගල් විහාරය වැඳගත් අපි සවස් යාමයේ මඩකලපුව බලා පිටත් වීමු. අවසානයේ පන්සලට අත්‍යවශ්‍ය දේ රැගෙන අපි අම්පිටියේ සුමනරතන හිමියන් බැහැ දුටුවෙමු. උන්වහන්සේ අප මහත් කරුණාවෙන් පිළිගෙන විස්මයෙන් අප දෙස බලා සිටියේ හැඳුනුම්කමක් නැතිව මේ සා පරිත්‍යාගයක් කළේ ඇයි ද යන අදහසින් විය යුතු ය.

මහත්තේල කෝච්චියෙන් එවාපු දේවල් මං ගම්මානවලට බෙදල ඇරිය අනතුරුව සුමනරතන හිමියන් කී‍ෙව් සතුටිනි.

මේ මොකක්ද මහත්තයො හාමුදුරුවන් එසේ ඇසුවේ මා ගෙන ගොස් තිබූ බිත්තර වී දැකීමෙන් උපන් කුහුලිනි.

අපේ හාමුදුරුවනේ මේ තියෙන්නෙ ස්වයංජාත කියන වටිනා වී වර්ගයෙ බිත්තර වී. මේව වැඩෙන්නෙ පඳුරු විදිහට. අඩි දහයක් විතර උසයි. එක පඳුරෙන් වී කිලෝවක් විතර අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. මේක අපේ හාමුදුරුවො බාර අරගෙන සුදුසු ‍ගොවියන් අතරෙ බෙදා හරින්න මම ඉල්ලා සිටියෙමි. හාමුදුරුවෝ ඒ යෝජනාව සතුටින් ඉවසූහ.

ඉන්පසු අපි අම්පාර පෙදෙසෙහි ඇති විහාරස්ථාන වැඳ පුදා ගැනීමෙහි සහ උදව් උපකාර කළ යුතු පන්සල් ගැන තොරතුරු රැස් කර ගැනී‍ෙමහි නිරතවිමු.

දින හතරකට පසු අපගේ ගමන නිමා විය. අප අවසන් දින රැය ගත කළේ මා පියඹගේ බණ්ඩාරවෙල මහ ගෙදර ය.

අපේ විනෝද ගමන පිරිපුන් එකක් විය. ඊට හේතු වූයේ සතුටු වන අතරේ ම අපේ සහෝදර ජනතාවට ද සෙත සැලසීමට හැකි වූ හෙයිනි.

නැ‍ඟෙනහිර ගම්මානවල දුෂ්කර ජීවිත ගෙවන අපේ මිනිසුන්ට උදව් අවශ්‍යය. එසේ කළ හැකි අය සිටිත් නම් අදාළ සම්බන්ධීකරණ කටයුතු කරදීමට පුළුවන.

මේ ගම‍‍නේ දී අපට උදවු කළ ගැටකොස්සාව පාසලේ ශිරන්ති සහ ලලනි යන ගුරු මහත්මීන් දෙදෙනාට ද ජයවර්ධන මහතාට සහ ඉනෝකා නැගණියට ද පින් දෙමි.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »