ගමේ මෙහෙයුම සාර්ථක විය...

2016-03-28 10:03:00       727
feature-top
 ගම්මානය පමුණුව යි.

මෙහි තැන තැන කසළ මලු දමා ගොස් තිබිණි. ගම්මු ඒ ගැන සොයන්නට පටන් ගත්හ.

කසළ ගොඩේ තිබූ ලියකියවිලිවල තිබී එක්තරා ආයතනයක ලිපිනයත්, දුරකථන අංකයත් සොයා ගත හැකි විය.

ගම්මු ඒ ඇමතූහ. ඒ වූකලි කිරිබත්ගොඩ පෙදෙසෙහි ඇති ඇඟලුම් ආයතනයකි.

තමන් දුරකථන අංකය සොයා ගත් ආකාරය හෙළි කළ ගම්මු කසළ දැමීමට එරෙහිව නීතිය හමුවට යන බව කීහ.

තම ආයතනයේ අපද්‍රව්‍ය කොන්ත්‍රාත්කරුවකු ලවා ඉවත් කැරෙන බව එහි නිලධාරියෙක් කීවේ ය.

කසළ මලු ගමේ තැන තැන අතහැර දමා යන මේ කොන්ත්‍රාත්කරු සෙවීමේ මෙහෙයුම ඇරැඹුණේ ඉන් පසුව ය.

ගම්මු දිවා රෑ නොබලා විමසිල්ලෙන් පසු වූහ.

දිනක් ඔහු අතටම අසු විය. ඒ වන විටත් ඔහු ලොරියෙන් කසළ මලු බැහැර කරමින් සිටියේ ය.

ගම්මුන්ගේ කෝපය ඉහවහා ගියේ ය.

අනේ මට ගහන්න එපා යි ආයාචනා කළ කොන්ත්‍රාත්කරු සිය අනන්‍යතාව හෙළි කළේ ය.

බැලින්නම් ඔහු ගමටම සම්බන්ධ එකෙකි.

ගම්මු ඔහු පොලීසියට භාර කළහ.

ඉන් පසු ඔහු ගේ ලොරියටම කසළ මලු පැටවිණ.

ලොරිය දින කිහිපයක් පොලිස් භූමියේ තිබෙනු දැකගත හැකි විය.

තමන් කුඩා කල දුව පාගා ඇවිදි සොඳුරු ගම්මානයකට කුණු කසළ දමා අපවිත්‍ර කිරීමට පුද්ගලයකුට හැකි වූයේ ඇයි? ඔහුගේ අධ්‍යාත්මයට කුමක් වී ද?


Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »