පිය පුතු වත

2016-02-23 09:57:00       729
feature-top
මහමඟ අයිනේ තාවකාලිකව අටවන ලද පොල් අතු මඩුවක පාපැදි අලුත්වැඩියා කරන්නෙක් සිය බඩ රස්සාව කරමින් සිටියේය. මහන්සිවී වැඩපළ කළ හේ කාගේත් හිත් දිනා ගත්තේය.

කෙමෙන් ඔහුගේ පුතු ද පියා සමඟ රස්සාවට බැස්සේය. දෙදෙනා පා පැදියේ නැඟී උදෑසනින් ම වින්කලය බලා ආයේ දිවා බත්පත ද රැගෙනය.

දිවා විවේකයේදී ඔවුනට අමුත්තෙක් මිතුරු වූයේය. ඒ බලු පැටියෙකි. පිය පුතු දෙදෙනා විසින් දෙනු ලබන බත් දෙපිඩ කා වින්කලයේ පසෙක ඇලවීමට පුරුදුව සිටි බලු පැටියා කෙමෙන් කෙමෙන් වින්කලයෙහි ආරක්ෂකයා බවට පත්වූයේය.

කාලය් ඉකුත් විය. බලුපැටියා ද යෞවනයකු බවට පත්වූයේය. දිනක් පියා බත් කා ඉතිරිය බල්ලාට හලන විට ඌ පියාගේ අතක් සැපුවේය. පියා එය ගණනකට නොගෙන අත සෝදා ගත්තේය. බල්ලා පුතුගේ අත ද සැපුවේය. පුතු ද එය ගණනකට නොගෙන අත සෝදා ගත්තේය.

පිය පුතු දෙපළ යළි වැඩපළෙහි යෙදුණහ. දවසකට දෙකකට පසු බල්ලා අතුරුදන්ව තිබිණ.

දෙතුන් දිනකට පසු පියාට තදබල ලෙස උණ ගැනිණ. ඔහු සුළු බෙහෙතක් ගත්තේය. මේ අතර පුතුට ද උණ ගැනිණ. පුතු ද සුළු බෙහෙතක් ගත්තේය.

උණ වැඩි විය. පියා මිය ගියේය. උණ වැඩිවී පුතු ද මිය ගියේය. ගම්මු මේ පියපුතු වියෝවින් දුක්වූහ.

වින්කලේ බල්ලාව පිස්සු බල්ලකු සපා කා තිබිණ.

බිංගිරිය - කොස්වත්තේ ඩී.එන්. දිසානායක මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.

සැඟවුණු මැණික

ටානියා කුඩා දැරියකි. ඇය හඳපාන්ගොඩ සිට ගැටකොස්ගහහේනේ ප්‍රාථමික විද්‍යාලයට යයි.

බසයෙන් බැස මව ගේ අතේ එල්ලී තේ වතු රබර් වතු මැදින් වැටී ඇති කුඩා පාර දිගේ පැමිණ මාවත් ඔය පාලමෙන් එගොඩ වී පාසල් යන ටානියා ඉගෙන ගන්නේ හතර වසරේ ය.

ඇය අන් දරුවන් ගෙන් වෙනස් වන්නේ විශේෂ අවධානය යොමු කළ යුතු දැරියක නිසා ය. සුනේත්‍රා ගුරුතුමිය ගේ සාරි පොටේ එල්ලී මවකට මෙන් ගුරුතුමියට තුරුලුව හිඳීමට ආශා කරන ඇය ලජ්ජාශීලි ය. තනිව හිඳීමට කැමැති ය. සෙස්සන් හා කථා කරන්නේ අඩුවෙනි.

මම නිතර පාහේ මේ පාසලට යමි. එහෙත් පුංචි ටානියා කෙරෙහි මෙතුවක් කලක් මගේ අවධානය යොමු නොවීම පුදුම සහගත ය.

මම පාසලෙන් ලැබුණු ආරාධනා පත්‍රය අතට ගතිමි. ගේ කුරුලු කිචිබිචිය නිසා මගේ අවධානය බිඳිණ. ජනේලයෙන් ගෙට ඇතුළු වූ ගේ කුරුල්ලා ගෝරනාඩු දෙයි.

මට යමක් වැටහිණ. ආරාධනා පත්‍රය පසෙක තැබූ මම ගමේ කඩයට ගොස් මුට්ටියක් ගෙන ආවෙමි. එහි හිලක් හැදූ මම සුදු හුණුවලින් බෝල කිහිපයක් ඇන්දෙමි. අනතුරුව ඉණිමග දිගේ නැග මුට්ටිය ගෙයි පිටත බිත්තියේ එල්ලුවෙමි.

ටිකකින් ගෙයි ගෝරනාඩු දුන් ගේ කුරුල්ලා එය වටා ඉගිළෙන්නට වූයේ ය. ඒ ටිකකින් ඒ මත වැසූ ඌ සිදුරෙන් ඊට හිස පෙව්වේ ය. මම ගෙට ගියෙමි. ඌ යළි ගෙට පැමිණ අමුතු කිචිබිචියක් නගන්නට වූයේ තමාට නිවෙස තනා දුන් මට තුති පළ කරනු පිණිස විය යුතු ය.

ඒ සමඟ ම තවත් කිචිබිචියක් නැගිණ. දැන් ගේ කිරිල්ලියක් ද පැමිණ සිටී. කුරුල්ලා ද එහි ගියේ ය. මට සතුටක් දැනිණ.

මම ඒ සතුටින් ම යුතු ව ආරාධනා පත්‍රය අතට ගතිමි. ගමේ පුංචි පාසලේ වාර්ෂික විවිධ ප්‍රසංගය උදේ දහයට ඇරඹන බව එහි දැක්වෙයි. මම පමා නොවී එහි ගියෙමි.

චාරිත්‍රානුකූලව උත්සවය ඇරඹිණ.

පූජා නැටුම අවසන් වූ පසු ඇරඹුණේ හතර වන ශ්‍රේණියේ දරුවන් ගේ නැටුමකි. දරුවන් අතර ටානියා ද විය. ඇය ද සෙසු දරුවන් මෙන් තාලයට පා තබමින් නැටුමේ යෙදුණා ය. සැබවින් ම එය පුදුමයකි. මුලුගැන්වී සැඟවී සිටි දැරිය දැන් සියල්ලන් ඉදිරියේ දස්කම් පාන්නී ය. ඇය කෙටි කාලයක් තුළ ලබා ඇති ප්‍රගතිය විශාල ය. කාගේත් විශේෂ කතා බහට ලක් වූයේ ද ඇය ය.

ඉන් පසු ආරාධිත අමුත්තන් අතින් දරුවනට තෑගි බෙදා දීම ඇරඹිණ.

ඊළඟට වේදිකා ගත වූයේ හොරණ කලාපයේ නාට්‍ය තරගවලින් දෙවැනි ස්ථානය ලැබූ පරිගණක මාරයා නමැති ළමා නාට්‍යය ය. පරිගණකය වැරදි ලෙස පාවිච්චි කිරීමෙන් සිදුවන විනාශයත් යහපත් ලෙස යොදා ගැනීමෙන් ලද හැකි වාසියත් එයින් නිරූපණය විය.

පාසල ආරම්භයේ සිට ම දරුවන් ගේ පැමිණීම වර්ධනය කරවීමට රුකුල් දුන් ත්‍යාගය පිරිනමන්නේ මාය. කලින් දැනුම් දුන් පරිදි මෙවර පැමිණීමේ ත්‍යාග ලබා දුන්නේ දහම් පාසල් යන දරුවන් වෙනුවෙනි. ත්‍යාග පිරිනැමූ පසු එක ත්‍යාගයක් මා අත ඉතිරි විය.

එය ආපසු ගෙන යෑමට මට සිත් නොදුන්නේ ය. එය පිරිනැමිය යුත්තේ කාට දැයි මම මොහොතක් සිතා බැලුවෙමි. මගේ සිහියට ආවේ පුංචි ටානියා ය.

ටානියාට ඒ වන විටත් පාසලෙන් ත්‍යාගයක් හිමිව තිබිණි.

මම ඒ බව ඇගේ මවට දැන්වූයෙමි. මව පුංචි ටානියා මාවෙත රැගෙන ආවා ය.

ඔයා ලස්සනට නැටුවා. මේ තෑග්ග ඔයාට මම කීමි.

ඇගේ මුහුණ ළෙන්ගතු අහිංසක හිනාවෙන් පිරී ගියේ ය.

මම ඇයට තෑග්ග පිරිනැමුවෙමි.

ඇය මා දො නැමැද තෑග්ග දෝතින් ගෙන යහළුවන් අතරට ගියා ය.

මා සිත සතුටින් පිරී ගියේ ය.

Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »