පුංචි වීරවරිය

2016-02-07 02:43:00       725
feature-top
ඈ මගේ පුංචි මිනිබිරි ය. වයස අවුරුදු තුනකි.

ගෙදර කවුරුත් ආදරේට ඈ ඇමතුවේ චූටි තිතී යනුවෙනි. චූටි තිතී ආදරේට මා ඇමැතුවේ චී කියා ය.

චූටි තිතීගේ අක්කා ලොකු තිතී ය.

දිනක් ඈ යෝජනාවක් ගෙනාවා ය.

අප්පච්චි අපි නුවර යමු. දළදා මාලිගාව වඳින්න.

දරුවන් ගේ පාසල් නිවාඩුව අවසන්වීමට පෙර ඔවුන්ට විනෝදවීමට අවස්ථාවක් සලසා දිය යුතුව තිබුණු බැවින් ඇගේ යෝජනාව ඉහළින් ම සම්මත විය.

අපි ගමනට සූදානම් වීමු.

එ‍ෙහත් විදෙස්ගත නෑයකු හදිසියේ මා බැලීමට පැමිණෙන බැවින් මම ගෙදර නැවතීමට තීරණය කළෙමි.

චී නැතුව මට යන්න බෑ කියමින් චූටි තිතී මා සමඟ ගෙදර නැවතීමට ඇවිටිලි කළේ මා නොමැතිව ගමන් යෑම ඇයට නුපුරුදු නිසා විය යුතු ය.

හොඳයි එහෙනං ඔයා ආච්චි ළඟ ඉන්‍ඩකො අවසානයේ ඇයට මා සමඟ සිටීමට මාපිය අවසරය ලැබිණ.

සෙස්සෝ ගමන පිටත් වූහ.

මම චූටි තිතීට‍ කතන්දර කියන්නට වීමි. ඇය ආසාවෙන් ඒවා අසා සිටියා ය.

පුදුමයකට මෙන් හදිසියේ ම මට කැස්සක් ඇති විය.

නොනවතින කැස්ස නිසා ඇඟ පත අඩපණ විය. මට දෙවියන් සිහිවිය.

චූටි තිතී චී...චී... කියමින් මගේ ළය පිරිමදිනු මට යාන්තමින් මතක ය. ඇස් නිලංකාර වී ගියේ ය. ටිකකින් මට මා අමතක විය.

සිහිය ආ පසු දුටු දෙයින් මම පුදුමයට පත්වීමි.

චූටි තිතී මගේ ඇඟට පැන් ඉස ඇත. මගේ තොල කට තෙමා ඇත.

චූටි තිතී ඔයා කොහොමද වතුර හොයා ගත්තෙ? මෙතන වතුර තිබුණෙ නෑනේ මම කීමි.

චී දන්නවද චී දොයිය බබා වුණා ම මම පුටුවත් ඇදගෙන සින්ක් එක ළඟට ගිහිං පුටුවට නැගල ටැප් එකෙන් වතුර ගත්ත. චී ඔයා නැන්දිලා වගේ මමත් මනමාලියෙක් වෙනකං මැරෙන්නෙ නෑ නේද? ඇය හුරතල් බස් කියන්නට වූවා ය.

කෙසේ වුව ද මෙය තුන් හැවිරිදි දැරියක ගේ වීර ක්‍රියාවකි.

මා දිවි රැක දුන් චූටි තිතී, ඔයා අනාගත ලෝකයා ගේ පණ රැක දෙන ජීවක‍වරියක් වේවා!



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »