සොහොයුරු පෙම

2016-02-01 11:20:00       723
feature-top
මල්ලි, චූටි මල්ලිගෙ‍ නළල තුවාල වෙලා. මැෂින් එකක කෑල්ලක් වැදිල! ටිකක් අමාරුයි ලොකු අක්කා මද්දු මලයාට ඇමතුමක් දුන්නා ය.

මේ අපේ චූටි මල්ලි? අක්කෙ මං ඉක්මනට එන්නං මද්දුමයා පොරොන්දු වූයේ ය.

ඊළඟ මොහොතේ මද්දුමයා සිටියේ කරාපිටිය රෝහලේ ය. ඔහු එහි ම සේවය කර විශ්‍රාම ගිය කෙනෙකි. රෝහලට ආ හැටියේ ම එහෙ මෙහෙ දුව පැන අදාළ වෛද්‍යවරුන් හා හෙදියන් හමු වී සිය මලයාගේ තත්ත්වය ගැන සොයා බැලූ හෙතෙමේ යළි රෝගියා වෙත ආයේ ය.

ඒ වනවිට රෝගියා ළඟ සාත්තුකරුවකු නවත්වා තිබිණ.

අදින් පස්සෙ ලෙඩා ළඟ පිට කවුරුවත් ඉන්න ඕනැ නෑ. අපේ පවුලෙ සහෝදර සහෝදරියො, ඒ අයගෙ දරුවො ඉන්නවනේ. අපි තමයි ලෙඩා ළඟ ඉන්න ඕනෑ. මද්දුමයාගේ විධානයට සෙස්සෝ අවනත වූහ.

මේ දෙසොහොයුරන් පදිංචිව සිටින්නේ තාප්පයකින් වෙන්වූ ගෙවල් දෙකක ය. සුළු ඉඩම් හුටපටයකට දෙදෙනා විරසක වූහ. පවුලේ සෙසු අය ද මේ නිසා බාල මලයා සමඟ අමනාපයෙන් පසුවූහ.

බාල මලයාට සිදු වූ හදිසි අනතුර ගැන මද්දුමයාට කියන්නට කවු‍රුත් අදිමදි කළේ එනිසා ය. එහෙත් නොකියා සිටීම ලොකු අඩුපාඩුවක් බව සිතූ පවුලේ වැඩිමල් සහෝදරිය ඒ වෙනුවෙන් ඉදිරිපත් වූවා ය.

සැඟව තිබූ සහෝදරකම ඉස්මතු වූ අයුරු විස්මයජනකය.

පරණ කෝන්තර ඉවත ලූ මද්දුමයා සිය මලයාට සුවය ලැබෙන තුරු ඔහු තනි කළේ නැත.

සති කිහිපයක් ප්‍රතිකාර ලැබූ බාලයා ගෙදර ගියේ නව පණක් ලබමිනි.

සොහොයුරු පෙම ලෙහෙසියෙන් නොබිඳෙයි.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »