කඳුළු පවුල

2016-01-18 10:25:00       726
feature-top
මම වැඩ ඇරී ගෙදර එමින් සිටියෙමි.

අසල්වැසි පුතෙක් මා එන පෙරමග රැඳී සිටියේ ය. ඔහු අත ලිපි දෙකක් ද විය.

'නැන්දෙ, අපේ අම්ම ඔයාට ටිකකට එන්ඩ කිව්ව' ඔහු හෙමිහිට කීවේ ය.

'ඇයි පුතේ අම්මට තව ම හොඳ නැද්ද?'

'නෑ නැන්දෙ, එන්ඩ එන්ඩ ම වැඩිවෙනව මිසක් අඩුවක් නෑ!'

'අනේ වෙච්ච අපරාධයක්! යං පුතේ එහෙනං'

මම ඔවුන් ගේ ගෙය පැත්තට හැරුණෙමි. ඔහු ද මා පසුපසින් වැටුණේ ය.

ඔවුන් ගේ නිවෙස බාගෙට තැනූ, තනි කාමරයකින් යුතු වූවකි. සැමියා දරු පවුල හැර ගිය දා පටන් මේ මව දහිරියෙන් යුතු ව ජීවිතයට මුහුණ දුන්නේ එදිනෙදා කුලී වැඩ කරමිනි. සමෘද්ධි සහනාධාරය ඔවුන් ගේ එක ම පිහිට විය.

කුලී වැඩ කරද්දී උදැල්ල වැදී පයක් තුවාල වීම නිසා මව එක තැන් වූවා ය. තුවාලය දරුණු වීම හේතුවෙන් ඇය ඔත්පළ වී මාස තුනකි.

මේ දරුවා ගණිතයට 'ඒ' සාමර්ථ්‍යයක් ඇති ව සාමාන්‍ය පෙළ ඉහළින් සමත් වූයේ කුප්පි ලාම්පුවේ එළියෙන් ස්වෝත්සාහයෙනි. සිය මවගේ දහදිය කඳුළට පින්සිදු වන්නට ඔහු උසස් පෙළට ද මුහුණ දී විශ්ව විද්‍යාලයට යා ගත නොහැකි මට්ටමට නොවුව ද උසස් පෙළ ද සමත් ව සිටියි.

දැන් ගෙදර මුළු බර අදින්නේ ඔහු ය. කුලී වැඩ කරමින් ඔහු යමක් උපය යි. ඔහු ද ඇතුළු ගෙදර තිදෙනා රැකෙන්නේත් බාලයා වියදම් හොයා ගන්නේත් මොහු ගේ මහන්සියෙනි.

ඔත්පළව ඇඳට වැටී සිටින සිය මවට වෙද - හෙදකම් කරන්නේ ද ඔහු ය. තියන හැටියට ගෙදර ඉවුම් - පිහුම් කරන ඔහු මව ද නහවා උවැටන් කරයි.

'අනේ නංගි ආව ද?' මව මා එනු දැක අමාරුවෙන් නැගිට ඇඳේ හිඳ ගත්තා ය. 'අනේ අපි හින්ද කරදරේ නේද?'

'ඇයි අක්කෙ එන්ඩ කිව්වෙ?' මම ඇඳෙහි පසෙක හිඳ ගතිමි.

'පුතේ, ඔය ලියුම් දෙක නැන්දට දෙන්ඩකො' ඇය පුතුට කීවා ය. ඔහු එතෙක් සියතෙහි තිබූ ලිපි දෙක මට දුන්නා ය.

මම ඒවා විවර කර බැලිමි. ඒවා ඔහුට විද්‍යාපීඨවලින් කැරුණු කැඳවීම් ය.

'අනේ අක්කෙ, මේ දරුව ඉගෙන ගන්ඩ විඳපු දුකට දෙවියො බැලුව. විද්‍යාපීඨ දෙකකින් ම කැඳවීම් ලැබිල! ඒක ‍කොච්චර දෙයක් ද?' මම සතුට පළ කළෙමි.

'අනේ නංගියෙ ඔත්පළ වෙලා ඉන්න මං අවුරුදු තුනක් තිස්සෙ මේ දරුවට වියදම් කරන්නෙ කොහොම ද? දරුවට අඳින්ඩ කියල හරි හමන් ඇඳුමක්වත් නෑ. පුළුවන් කාලෙ මං කුලියක් හරි කෙරුව. වේලක් ඇර වේලක් හරි කාල පොඩි එකා ඉස්කෝලෙ යන්නෙත් අමාරුවෙන්....'

මව හඬා වැටෙන්නට වූවා ය.

'අනේ අක්කෙ මේක සන්තෝස වෙන්ඩ ඕනෑ වෙලාවක්. අඬන්ඩ එපා!' මම ඉල්ලා සිටියෙමි.

එහෙත් ඇය නොනවත්වා ම හඬන්නට වූවා ය.

මවගේ හැඬුමට පුතු ගේ මුහුණ ද අඳුරු වූයේ ය.

'අනේ අඬන්ඩ එපා අම්මෙ' එසේ කියමින් ඔහු ද අඬන්නට තියා ගත්තේ ය.

මගේ හද දැවී ගියේ ය.

'අනේ අක්කෙ අපි පුළුවන් දෙයක් කරමු මේ දරුව වෙනුවෙන් කියමින් මව ද ඔවුන් හා හඬන්නට වීමි.

සත් ජනයිනි, මේ දරුවාට පිහිට වෙමු. ඔහු ගේ වසර තුනක විද්‍යාපීඨ ඉගෙනුම් දිවියට අත හිත දීමට කැමති අය වෙනුවෙන් ලංකා බැංකුවේ පුත්තලම ශාඛාවේ 70855677 දරන ගිණුම විවෘත කර තිබේ. මවගේ ලිපිනය මෙසේ ය. සීතා අයිරාංගනී - අබේසිංහ, ඔල්ලුක්කුළිය, පු / කරුවලගස්වැව.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »