"/>

පුංචි දියණිය

2015-08-19 04:11:00       723
feature-top
පුංචි දියණිය ළදරු පාසල්වියේ පසුවන්නීය.

ඇය මවට මෙන් ම පියාට ද එක සේ ළෙන්ගතු ය.

පියා ගෙදර සිටින දිනවල ඇය ඔහු ළඟම ගැවසෙන්නට පුරුදු වී සිටියා ය.

බොහෝ විට පියා සිටින්නේ පරිගණකය ඉදිරියේ ය. තමා සමඟ හුරතල් වදන් මුමුනමින් ඔහු පරිගණකයේ වැඩ කරනු ඇයට හුරු ය. ඇය ඒ අසල ගැවසෙන්නේ ඔහුට කරදර නොවන ලෙස ය.

ඇය නින්දට යන වෙලාව ආවේ ය.

යං දුවේ නිදාගන්න මව යෝජනා කළා ය.

දියණිය පියා සොයා ගෙන ගියා ය. ඔහු පරිගණකය ඉදිරියේ ය. බාධා නොකළ ඇය මව සොයා ආවා ය.

යමු!

ඇය මව හා නින්දට ගියා ය.‍

පසු දා ඇය අවදිවන විට මව කුස්සියට ගොස් සිටියා ය‍. පියා පරිගණකය ඉදිරියේ වැඩ කරමින් සිටියේ ය.

මේ අතර දිනක් පියා රෝග පරීක්ෂාවක් වෙනුවෙන් රෝහල්ගතව සිටියේ ය.

එදින රැයේ ගෙදර සිටියේ මවත්, දියණියත් පමණි.

පුංචි දියණිය නින්ද පමා කරමින් පියා එතැයි පෙර මඟ බලා සිටියා ය.

අනේ දුවේ යං නිදාගන්න මව ඇවටිලි කළා ය. ගොළුවතින් සිටි දියණිය හදිසියේ යම් තීන්දුවක් ගත්තාක් මෙන් මව වෙත හැරුණා ය.

චුට්ටක් ඉන්නකො අම්මේ

ඒ සිඟිති පා එසැවුණේ පියාගේ කාර්යාල කාමරයට ය. මව ද ඇය පසු පස ගියා ය.

එහි වූයේ පියා හිඳගන්නා පුටුවත් මේසය මත වූ පියාගේ කොම්පියුටරයත් පමණි.

දියණිය පුංචි දෑත එක් කොට පියාගේ පුටුවට වැන්දා ය.

...පීතු පාදං නමාමී...

අනතුරුව ඇය දුටුවේ තමා දෙස බලා සිටින පියාගේ පරිගණකය ය. ඇය ඊට ද ළං වී තොත්තුවක් දුන්නා ය.

හරි අම්මේ, අපි දැං යමු නිදාගන්න

ඇය මවට තුරුලු වූවා ය.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »