පිය සෙනේ

2015-07-06 03:44:00       724
feature-top
වන්දනා නඩයක් රැගත් වෑන් රිය දඹුලු පාරේ ඇදී යමින් තිබිණ.

තරු හෝටලයක් ආසන්නයේ පැවති මාර්ග අවහිරයක් නිසා එහි ගමන බාල විය.

වන්දනාකරුවෝ විමසිලිමත්ව අවට බැලූහ.

ඔවුන්ගේ නෙක ගැටුණේ හුරු මුහුණකි. ඒ දසුනින් ඔවුහු අන්දමන්ද වූහ.

හුරු මුහුණැති මිනිසා කලකට පෙර සමාජයේ වැදගතකුව සිටියේය. එහෙත් ඔහු අද යාචකයකු නොවෙතත් ඒ කිට්ටුවට ඇද වැටී සිටින්නේය.

නඩය ඔහු හැඳින ගත්තත් ඔහු නඩය දුටුවේ නැත. ඔහු සිටියේ බිමට බර කර ගත් හිසිනි.

අනේ මෙහෙම අපරාධයක්? යමකු කීවේ කම්මුලෙහි අත ගසමිනි.

තදබදය අඩුවී මග නිරවුල් වූයෙන් වෑන් රිය පිම්මක් ඇල්ලු වේලේ මිනිස් රුව වහා අතුරුදහන්ව ගියේ ය.

මෙසේ අද මහ මගට වැටී ඇත්තේ කලකට පෙර සරසවි ගෝලයන් රැසක් බිහි කළ නැණවතෙකි. හිටපු තාක්ෂණඥයෙකි. විදෙස් සරසවි කෙරෙහි මෙරට සිසුන් උනන්දු කළ අයෙකි.

මොවු තම දරු පවුලට සෙනෙහස දැක්වූ පියෙක් විය. ඔහු දරුවනට ප්‍රාථමික අධ්‍යාපනය ලබා දුන්නේ විදෙස් රටක ය. ඒ එවක ඔහු එහි රැකියාව කරමින් සිටි හෙයිනි.

ඔහු තම මවු බිමට ද ආදරය කළේ ය. දරුවන්ගේ කරදඬු මහත් වූ විට ඔහු ඔවුන් රැගෙන මෙහි ආවේ එබැවිනි. ඔහු දරුවන් මෙරට ඉහළ පාසල්වලට ඇතුළත් කළේය.

දරුවන්ට නම් මෙරට ඉගෙනුම හරි ගියේ නැත. ඔවුහු විභාග අසමත් වූහ. දරුවන්ගේ අදහස වූයේ යළි රට යා යුතු බව ය. ඔහු ද අකැමැත්තෙන් හෝ සිය දරුවන්ගේ අදහසට හිස නැමුවේ ය. එතැන් පටන් ඔවුන්ගේ ඉගෙනීම වෙනුවෙන් ඔහු සිය ධනය විදෙස් අධ්‍යාපන ආයතනවලට පොම්ප කළේය.

කලක් යන විට දරුවෝ ඔහුගෙන් දුරස් වූහ. සම්බන්ධතා ද අඩාළ විය. එහෙත් ඔහු දරුවන්ට අසීමිත ලෙස සෙනෙහස දැක්වීය.

අවසානයේ ඔහු තමන් සතු සියලු ධනය ද ගමන් බිමන් ගිය වාහනය ද දරුවන්ට ම දුන්නේ ය.

මොහු වෙනුවෙන් හදවතින් දුක් වන පිරිසක් සිටීම ඔහුගේ වාසනාවකි. ඒ ඔහු ගේම ගෝලබාලයන් පිරිසකි. ඔවුහු මෙරට ද පිටරට ද වෙසෙති.

ඔවුහු සිය ගුරුවරයා වෙනුවෙන් එකමුතු වෙමින් සිටිති. මේ ලිපිය ඒ උතුන් ගෝල පිරිසට ශක්තියක් වේවා.



Wmqgd .ekSu isK mqj;a m; weiqfrks

More News »